
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ගයානා රාජ්‍යයට ගියේය. ගයානා යනු බ්‍රසීලය අසල පිහිටි ලතින් ඇමෙරිකාවට අයත් කුඩා රාජ්‍යයකි.
ජෝර්ජ්ටවුන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ගයනා ජනාධිපති ඉර්ෆාන් අලීගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මෝදි ගයනාවේ ඉන්දීය ඩයස්පෝරාව හමුවීමට ද නියමිතව සිටියේය.
ඉන්දියාව සහ කෙරිකොම් සංවිධානය අතරේ දෙවැනි සමුළුව ගයානා රාජ්‍යයේ ජෝර්ජ් ටවුන් නුවරදී පැවැත්වෙයි. මෝදි ගයානා බලා ගියේ එම සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. මෙවර සමුළුවේ සත්කාරකරුවන් ලෙස ගයානා රාජ්‍යයත්, ග්‍රෙනේඩා රාජ්‍යයත් කටයුතු කරයි.
කෙරිකොම් සංවිධානය යනු ලතින් ඇමෙරිකා සහ කැරිබියානු දූපත් රටවල් එක් වී පිහිටුවාගත් හවුලකි. කලාපීය රටවලට බලපාන දේශපාලනික සහ ආර්ථික අභියෝග ජය ගැනීම කෙරිකොම් සමුළුවේ අරමුණය.
ඉන්දියාව සහ කෙරිකොම් සංවිධානයට අයත් රටවල් අතරේ වෙළෙඳ සහ දේශපාලනික සහයෝගීතාවක් පවතී. සමුළුව පැවැත්වෙන්නේ එම රටවල දේශපාලන සහ ආර්ථික අභිලාෂ ඉටු කර ගැනීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි. සමුළුව ඊයේ (20) ඇරැඹිණි.
‘ඉන්දියාව යනු අද ලෝකයේ ප්‍රබල රටක්. ඉන්දියාව ලෝකයේ ප්‍රබල රටක් වී ඇත්තේ මෝදිගේ නායකත්වය හේතුවෙන්. අප සාමාජික රටවලට දේශපාලනික, ආර්ථික, තාක්ෂණික මෙන්ම සමාජීය වශයෙන් ද ඉන්දියාවේ සහාය ලැබෙනවා. ඉන්දියාව සමඟ එක් වී මෙසේ සමුළුවක් පැවැත්වීම ඇත්තටම අපට සතුටක්’ යැයි කෙරිකොම් සංවිධානයේ සහකාර මහලේකම් එලිසබෙත් සොලමන් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ජී20’ අවසන්: මෝදි ගයනාවට