ජී20 ජාතීන්ගේ සංවිධානයේ නායකයන් ජපානයේ ඔසාකාහිදී අද (28) හමුවීමට නියමිතය අතර ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු පැවැත්වෙන ඉතා වැදගත්ම හමුව මෙය වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.
වසර 2008 දී ලීමන් සහෝදරවරුන්ගේ කඩා වැටීමත් සමඟ ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව ජී20 රටවල නායකයන් ඇමෙරිකාවේ වොෂින්ටන්හිදී මුණ ගැසිණි. එහිදී ඔවුහු අනාගතයේ දී එවැනි අර්බුදයක් ඇතිවීම වළක්වාගන්නේ කෙසේදැයි සාකච්ඡා කළහ. එමෙන්ම එවකට සිටි නායකයෝ ගෝලීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේ දැයි සාකච්ඡා කළහ.
ඉන් දශකයකට පසුව ලෝකය නැවතත් එවැනිම විශාලම අභියෝගයකට මුහුණ දී සිටින අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර තිබෙන වෙළෙඳ යුද්ධයයි.
ලොව විශාලතම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන ඇමෙරිකාවත් චීනයත් අතර පවතින වෙළෙඳ යුද්ධය නිසා ලොව පුරා ව්‍යාපාර අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ගෝලීය ආර්ථිකය අඳුරු සෙවණැල්ලකින් වැසී ගොස් තිබේ.
ජී20 සමුළුව අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අතර හමුවක් හෙට (29) පැවැත්වීමට නියමිත අතර ඒ හමුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් වැඩි අවධානයකින් පසුවෙති.
ඉන්දියාවේ වානේ සහ ඇලුමීනියම් සඳහා ඉහළ බදු පැනවීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පසුගිය 15 වැනිදා ඇමෙරිකානු නිෂ්පාදන 28ක් මත ඉහළ තීරු බදු පැනවීය. මේ ආකාරයෙන් ඇමෙරිකාව චීනය සමඟ පමණක් නොව ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථිකවලට හිමිකම් කියන රටවල් රැසක් සමඟ වෙළෙඳාම සම්බන්ධයෙන් මතභේද ඇති කරගෙන තිබේ.
අවසන් වරට ජී20 නායකයන්ගේ හමුවක් පැවැත්වුණේ මීට මාස හතකට පෙර බුවනෝස් අයර්ස්හිදීය. එහිදී දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කරමින් දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකා සහ චීන ජනාධිපතිවරු එකඟවූහ.
ජපානයේ ඔසාකා නුවරදීද නායකයන් දෙදෙනා එවැනි ආකාරයක සටන් විරාමයකට එළැඹෙනු ඇතැයි පැවසේ.
(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි)
055

2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජී 20 සමුළුව අදින් ඇරඹෙයි