IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජෝ බයිඩන් ජනපති වී වසරයි

ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වී වසරක් ගත වීම නිමිත්තෙන් ජෝ බයිඩන් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අභියෝග රැසක් මැද, දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කිරීමට තම පරිපාලනය සමත් වුණු බවය.

‘මගේ පළමු වසරක ධුර කාලය අභියෝග පිරි එකක්. ඒ අභියෝගවලට නොසැලී මුහුණ දෙමින්, දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කිරීමට මට හැකියාව ලැබුණා. එය සුවිශේෂී ජයග්‍රහණයක්’ යැයි ජනාධිපති බයිඩන් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් පසුගිය 2021 ජනවාරියේ ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයා ලෙසය. බයිඩන්ගේ වයස අවුරුදු 79 කි.

බයිඩන් ජනාධිපති ධුරයට පත් වෙද්දී ඇමෙරිකාව අර්බුද රැසකට මුහුණ දී සිටියේය. ‘කොවිඩ් 19’ වසංගතය ඉහවහා ගොස් තිබුණි. බයිඩන්ට පෙර ජනාධිපති ධුරයේ කටයුතු කළේ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ‘කොවිඩ් 19’ වයිරසය ගැන හෝ එන්නත් ගැන හෝ තැකීමක් කළ අයකු නොවන අතර, ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් ඇමෙරිකාව ලොව අංක එක බවට පත් වූයේ ට්‍රම්ප් පරිපාලනය පැවැති කාලයේය.

ඇමෙරිකන් වෛද්‍ය විශේෂඥයන් ළං කර ගනිමින්, ඔවුන්ගේ මතයට ගරු කරමින් ජෝ බයිඩන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නැයි ඇමෙරිකානුවන් දිරිමත් කළ අතර, අද වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ වසංගතය යම්තාක් දුරකට පාලනය වී ඇත්තේ බයිඩන්ගේ තීන්දු තීරණ නිසා යැයි ද පැවැසෙයි. අද වනවිට ඇමෙරිකාවේ මිලියනයක් එන්නත්කරණයට ලක් කර අවසන්ය.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක්වී තිබුණු අතර එය යළි පියවරෙන් පියවර ශක්තිමත් කිරීමට බයිඩන් පරිපාලනය සමත් විය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ විරැකියාව ඉහළ ගිය අතර ඊට ද පැහැදිලි විසඳුම් ලබා දීමට ජනාධිපති බයිඩන් පියවර ගත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානය, නේටෝව ඇතුළු ජගත් සංවිධාන සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමට බයිඩන් පරිපාලනය කටයුතු කළේය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දු තීරණ රැසක් ආපස්සට හැරවීමට බඩිඩන් පියවර ගත් නමුත් චීනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට වඩා දැඩි තීරණ ගැනීමට බයිඩන් යොමු විය. ට්‍රම්ප් පරිපාලනය චීනයට එරෙහිව පැනැවූ තීරු බදු ඉවත් කිරීමට තමන් හදිස්සි නොවන බව බයිඩන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේ දී ද අවධාරණය කළේය.

ට්‍රම්ප් පරිපාලනය ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් ඉරානයට පැනැවූ සම්බාධක ඉවත් කරමින්, ඉරානය යළි න්‍යෂ්ටික එකඟතාවකට සම්බන්ධ කර ගැනීමට බයිඩන් පරිපාලනය ඉරාන රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම සිදු වෙයි.

ට්‍රම්ප් පරිපාලනය රුසියාව සමඟ යහපත් සබඳතා පැවැත්වීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් බයිඩන් රුසියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව පවසා ඇත. අද වනවිට යුක්රේනය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර අර්බුදයක් පවතී. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි තමන්ගේ විශ්වාසය බව බයිඩන් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

ජෝ බයිඩන් ජනපති වී වසරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site