IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජෝ බයිඩන් ඇන්ගෝලාවේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අප්‍රිකාවේ ඇන්ගෝලා රාජ්‍යයේ නිල සංචාරයක් ආරම්භ කළේය. 

බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තවත් සති කීපයක් පමණකි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇත්තේ ලබන ජනවාරියේය.

82 හැවිරිදි බයිඩන්, ඇන්ගෝලාවේ ලුඇන්ඩා අගනුවරට ගියේ, අතරමඟදී, පැය කීපයක් ‘කේප් වර්ඩේ’ රාජ්‍යයේ ගත කරමිනි. කේප් වර්ඩේ යනු බටහිර අප්‍රිකාවට අයත් කුඩා දූපත් රාජ්‍යයකි. 

බයිඩන් තෙදිනක් ඇන්ගෝලාවේ ගත කිරීමට නියමිතය. ධවල මන්දිරය, බයිඩන්ගේ මෙම ඇන්ගෝලා සංචාරය සැලැසුම් කර තිබුණේ පසුගිය ඔක්තෝබරයේය. කෙසේ නමුත් ඇමෙරිකාවට ‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණු බැවින්, සංචාරය පසුවට මෙම දෙසැම්බරයට කල් දැමුණි.

ඇමෙරිකාව සහ ඇන්ගෝලාව අතරේ වෙළෙඳ සබඳතා පැවැත්වෙයි. ඒ, ලොබීටෝ වරාය හරහාය. කොබෝල්ට් සහ තඹ ඇමෙරිකාවට අපනයනය සිදුවන්නේ මෙම වරාය හරහාය. බයිඩන්, ලොබීටෝ වරායේ නිරීක්ෂණ චාරිකාවක් යෑමට ද සූදානමින් සිටී. 2013 වසරේ සිට, ඇන්ගෝලාව ඇතුළු අප්‍රිකා රටවල් බොහොමයක වෙළෙඳ හවුල්කරු වී සිටින්නේ ඇමෙරිකාව නොව චීනයයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජෝ බයිඩන් ඇන්ගෝලාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site