IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

අනතුරු අඟවමින්ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ගාසා තීරයේ, රෆා නගරයට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඇමෙරිකාව ඊශ්‍රායලයට ආයුධ සැපයීම වහා නතර කරනබවය. මේ වනවිටත් ඊශ්‍රායලයට බෝම්බ සැපයීම තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තීරණය කර ඇත.

ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ මෙම තීරණය කනගාටුවට කරුණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත. ඇමෙරිකන් ජනාපධිතිවරයාගේ අනතුරු ඇඟවීම් ගණනකට නොගෙන, ඊශ්‍රායල ගුවන් හමුදාව රෆා නගරයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.ඊශ්‍රායල ප්‍රහාර හමුවේ රෆා නගරයේ රෝහල් අඩපණ වී ඇති බවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටලුවක් වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊශ්‍රායලයට ආයුධ ලබා සැපයීම නවත්වනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප්, වත්මන් ජනාධිපති බයිඩන් විවේචනය කර ඇත. ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, බයිඩන් හමාස්වරුන්ගේ පැත්ත ගෙන, ඊශ්‍රායලය අමාරුවේ දැමූ බවය.

මෙම නොවැම්බර් මාසයේ, ඇමෙරිකන් ජනාපධිතිවරණය පැවැත්වෙන අතර, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ට්‍රම්ප් ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ද ඊට ඉදිරිපත් වෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන සාධකයක් වනු ඇත. 

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ හිතවතා වන්නේ යුදෙව් ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. පසුගිය ඔක්තෝබර් හත් වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය පෙරළා ගාසා තීරයට පහර දෙන්නේ, ‘රිසි පරිදි පහර දෙන්නැයි’ ඇමෙරිකන් ජනාධිපති ඊශ්‍රායලයට ලබා දුන් අවසරය නිසාය. ගාසා තීරයේ පලස්තීනුවන් 34,000 ක් මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

රෆා යනු ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්ව පිහිටා ඇති නගරයයි.ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. 

මේ වනවිට ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය. ඊශ්‍රායල හමුදා පහර දෙන්නේ, රෆා නගරයේ සිටින පලස්තීන ජනතාවට සිය නිවෙස් වලින් ඉවත් වන්නැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව දැනුම් දෙමිනි. මහා පරිමාණයෙන්, රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීමට සියලු කටයුතු සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Prabha Friday, 10 May 2024 02:14 PM

පව්, ඊශ්‍රායලයේ බයිඩන් ගොයියාව සත පහකට ගණන් ගන්නේ නෑ.

:       3       13

Asanga samantha Sunday, 12 May 2024 11:29 AM

මේ සේරම යාලුවෝ මල්ලී...!

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මැතිවරණයේ පස්වැනි අදියර ඇරඹේ
2024 මැයි මස 20 643 0

අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පස්වැනි අදියර ඇරැඹිණි. අද (20) ආරම්භ වුණු පස්වැනි අදියරේදී ප්‍රාන්ත 6 ක් සහ ඉන්දීය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ය


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට
2024 මැයි මස 20 6772 26

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන ව


සුන්බුන් හමුවෙයි
2024 මැයි මස 20 4075 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙ


ඇමෙරිකාව නිහඩයි
2024 මැයි මස 20 5841 4

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.


ඉරාන ජනපති සොයන්න රුසියාව එක් වෙයි
2024 මැයි මස 20 4313 0

කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.


කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?
2024 මැයි මස 20 4573 1

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site