IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජර්මන් පන්සලේ කඨින පිංකම

 ජර්මනියේ උතුරු ප්‍රදේශයේ හැම්බර්ග්, හැනොවර් සග බ්‍රේනම් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ෂ්නෙවර්ඩින්ගන් නගරයේ අභිනවයෙන් ආරම්භ කරන්නට යෙදුන ශ්‍රී ලංකා මහා විහාරයෙහි කඨින පුජෝත්සවය පසුගිය 1 වැනි ඉරු දින පැවැත්විණි. ජර්මනියේ බොන් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති බටුවන්ගල සමිද්ධි හිමියෝ සම්ප්‍රදායික බෞද්ධ රටවල මෙන් යුරෝපයේ බොහෝ රටවල භික්ෂු නායකත්වයක් ගොඩනගමින් පවතින බවත් ථෙරවාද, මහායාන මෙන්ම වජිරයාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් ශක්තිමත් භික්ෂු ප්‍රතිරූපයක් යුරෝපයයේ ගොඩනඟා ඇතිබවත්, උන්වහන්සේලාගේ දේශනාවන්ට සහ හඬට කන්දෙන්නට ආසියාවෙන් පැමිණ මේ රටවල පදිංචිව සිටින බෞද්ධයින්ගේ ප්‍රමාණයටම යුරෝපිය ප්‍රජාවද ඉදිරිපත් වීමේ ප්‍රවනතාවය දිනෙන් දිනම ඉහළ යමින් පවතිනු දක්නට ලැබීම සතුටට කරුණක් බවත්, භෞතික සම්පත් පරිහරණය කිරීමෙන් හෙම්බත්ව සිටින යුරෝපිය ප්‍රජාවට බුදුදහම තුළින් මහත් ශාන්තියක් අත්වී ඇති බවත් පැවසුහ.

යුරෝපයේ වැඩවසන ථෙරවාද භික්ෂුන් වහන්සේලා අතර ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රත්මලේ පුඤ්ඤරතන හිමියන් පුරා දශක දෙකක දී සැබෑ ධර්ම දුතයන් වහන්සේ නමක් ලෙස සිය යුතුකම් කොටස මැනවින් ඉටුකරනු ලබන ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක් සේම ජර්මන් ජන සමාජය තුළ භික්ෂු නායකත්වය ආදර්ශයෙන් ගොඩ නඟා ඇති බහුශ්‍රැත හිමි නමක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව ඇති බවත් අවධාරණය කර සිටියහ.

ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කළ පින්කමේදී ඓතිහාසික බර්ලින් විහාරයේ සම විහාරාධිපති කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත, ගිරිතලේ සිරි සුජාත සහ ජර්මන් ජාතික මොක්ඛිත යන හිමිවරුද අනුශාසනා සිදු කළහ.

ජර්මනියේ විවිධ නගර වලින්  පැමිණි ශ්‍රී ලාංකික මෙන්ම ජර්මන් ජාතික සැදැහැවහු බොහෝ පිරිසක් පින්කමට සහභාගී වුහ. 

2E10F4B200000578-3303148-Other_officials_gathered_passports_belonging_to_the_224_victims_-a-23_1446631409925[1] 033-IMGP1035[1] 220-IMGP1225[1] 238-IMGP1243[1]

032-IMGP1034[1] 144-IMGP1148[1]

        



අදහස් (0)

ජර්මන් පන්සලේ කඨින පිංකම

අබේරත්න Thursday, 05 November 2015 11:19 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site