ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය.
‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ නමැති මෙම කුඩා නගරයේ පරෙවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, නගර වැසියන්ට උන් හිසරදයක් වී ඇත්තේ උන්ගේ වසුරු නිසාය. පරෙවි වසුරු පිරිසුදු කිරීම නගරසභා නිලධාරීන්ට පවා හිසරදයක් වී ඇතැයි පැවැසෙයි. වෙළෙඳසැල් අවන්හල් වසුරු නිසා අපවිත්‍ර වී ගොසිනි.
ස්වභාවික සතුරක් නොමැති බැවින්, පරෙවියන් ගහනය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ද පැවැසෙයි. එහෙයින්, නගර වැසියන් නගර බලධාරීන්ට දිගින් දිගටම පවසා ඇත්තේ පරෙවියන් මරා දැමීමට ක්‍රමයක් කල්පනා කරන ලෙසය. මේ බව සැලකිල්ලට ගනිමින් පසුගිය ජූනි 20 වැනිදා ජනමත විමසුමක් පැවැත්වුණු අතර, පරෙවියන් මරා දැමීමට නගර වැසියෝ කැමැත්ත පළ කළහ.
නගර බලධාරීන් ඒ අනුව පරෙවියන් මරා දැමීමට සූදානම් වෙද්දී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට විරෝධය දක්වා අධිකරණය හමුවට ගොස් ඇත. එහෙයින්, ජනමත විමසුට අනුව, ක්‍රියා කිරීමට බාධා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ
Ruwan De Silva Sunday, 23 June 2024 06:27 PM
සිංගප්පූරුවේ ඔය වඩේ කරා... හැබැයි තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක් සිංගප්පූරුව දවසක ස්වාභාව ධර්මය දඬුවම් කරයි.
Lalla Sunday, 23 June 2024 09:17 PM
මොන බයිල කිව්වත් නුවර වැව වටේ කුරුලු වසුරු නිසා විනාශයී. කොයි බොහෝ පාරවල් ඒ වගේමයි. ඒ මදිවට යෝධ කොක්කු වර්ගයක් බේරෙ වැව අවට ජරාව දානවා. බෝම්බ අතාරිනවා වගේ. කුරුලු පාලනය ඉස්සර කොළඹ තිබුනා. දැන් බෞද්ධයො වැඩි වෙලා වනසතුන්ට රට දීල...