IMG-LOGO

ජර්මානු දේශපාලනඥයන්ගේ දත්ත සොරාගෙන ප්‍රසිද්ධියට පත් කරලා

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇතුළු එරට දේශපාලනඥයන් සියය ගණනගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.  

එම දේශපාලනඥයන්ගේ දුරකතන අංක, ඔවුන්ගේ පෞද්ගලික අල්ලාප සල්ලාප, මූල්‍ය විස්තර ඇතුළු පෞද්ගලික විස්තර රැසක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇති නමුත් එරට අන්ත දක්ෂිණාංශික පක්ෂයක් වන ‘ඒ.එෆ්.ඩී’ පක්ෂයේ කිසිදු දේශපාලනඥයකුගේ තොරතුරු ප්‍රසිද්ධියට පත්ව නැත.

දේශපාලනඥයන්ට අමතරව මාධ්‍යවේදීන්ගේ සහ එරට සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ තොරතුරු ද එලෙස ප්‍රසිද්ධියට පත් කර තිබේ. 

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති අතර මෙය දරුණු ප්‍රහාරයක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අධිකරණ ඇමතිනි කැතරිනා බාර්ලි සඳහන් කළාය. 

“මෙම ප්‍රහාරය එල්ල කළ පිරිසට අපි ප්‍රජාතන්ත්‍රවාදය සහ ආයතන කෙරෙහි තබා තිබෙන විශ්වාසයට හානි කිරීමට අවශ්‍ය වුණා” යැයි ඇය සඳහන් කළාය. 

කෙසේ නමුත් චාන්සලර්වරියගේ කාර්යාලයේ සංවේදී තොරතුරු කිසිවක් ප්‍රසිද්ධියට පත්ව නැතැයි රජයේ ප්‍රකාශිකා මාටිනා ෆීට්ස් සඳහන් කළාය.

කෙසේ නමුත්  මන්ත්‍රීවරුන්, යුරෝපා සංගම් මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් දේශපාලනඥයන්ගේ තොරතුරු රැසක් ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඇය කීවාය. 

බී.බී.සී. ඇසුරිනි 

055

 



අදහස් (0)

ජර්මානු දේශපාලනඥයන්ගේ දත්ත සොරාගෙන ප්‍රසිද්ධියට පත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1676 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site