
ඇමෙරිකාවට පැමිණි ජර්මන් චාන්සල්වරයා ඕලාෆ් ෂොල්ස් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ඕලාෆ් ෂොල්ස්, ජර්මන් චාන්සල් ධුරයට පත් වූයේ පසුගිය 2021 වසරේදීය. ඔහු ජර්මන් චාන්සල්වරයා ලෙස ඇමෙරිකා සංචාරයකට එක් වූයේත්, ජනාධිපති බයිඩන් මුහුණට මුහුණ හමුවූයේත් පළමු වරටය.
චාන්සල්වරයාගේ ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාපධිතිවරයා හමුවූයේ යුක්රේනය මුල්කොට ගනිමින් හටගෙන ඇති අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමටය.
රුසියාවේ තර්ජනවලට මුහුණ දෙමින්, සාමකාමී අයුරින් හටගත් අර්බුදය සමථයකට පත් කර ගැනීම කළ යුතු බව ඕලාෆ් ෂොල්ස් සහ ජෝ බයිඩන් අතරේ සාකච්ඡාවට බඳුන් විය.
ධවල මන්දිරයට පැමිණි ජර්මන් චාන්සල්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාපධිති බයිඩන් කටයුතු කළේය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව ජර්මන් ඇමෙරිකා සබඳතා තව තවත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද ඕලාෆ් ෂොල්ස්, සහ ජෝ බයිඩන් අතරේ සාකච්ඡා කෙරුණි.
සාකච්ඡාවලින් පසු ජර්මන් චාන්සල්වරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, තමන් සහ බයිඩන් අතර පැවැති හමුව ඉතා වැදගත් එකක් වූ බවත්, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගත් බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජර්මන් චාන්සල් ඕලාෆ් ජනපති බයිඩන් හමුවෙයි