IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘ජර්මන් චාන්සල්වරිය පල්ස්තීන දැරියක හඬවලා‘

පාසල් දරුවන් සහභාගීත්වයෙන් පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් අතර සිටි පලස්තීන ජාතික ගැහැණු දරුවෙකු හැඩවූයේයැයි ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ට දැඩි විවේචනයන් එල්ල වෙමින් තිබේ.

ජර්මනියේ ජීවිතය යන තේමාව යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනයද කැරිණි.

දරුවන් අතරේ සිටි පලස්තීන ජාතික සිසුවියක් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇන්ජෙලා මර්කෙල් අමතමින් තම මව හා පියා අවුරුදු හතරක් පුරාවට ජර්මනියට පැමිණෙන බවත් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ජර්මනියේ ස්ථීර පුරවැසිභාවය ලබාගැනීම බවත් පැවසුවාය. පියාට ඇත්තේ තාවකාලික ගමන් බලපත්‍රයක් හෙයින් එය කල් ඉක්මවායෑමට ප්‍රථමයෙන් නැවත වරක් තමන්ට ජර්මනියෙන් ඉවත්ව යෑමට නුදුරේදීම සිදුවනු ඇති බවද ඇය කීවාය.

මවිතයට පත් මර්කෙල් මොහොතක් නිහඩව සිට එම දැරිය අමතමින් ඇයගේ අදහස් දැක්වීම අගය කළාය.

‘ඔයා දන්නවා ලෙබනනයේ තියෙන පලස්තීන සරණාගත කදවුරු වල පුද්ගලයින් දහස් ගණනක් ඉන්නවා. අපට ඒ හැම එක්කෙනාටම එන්න කියන්න බැහැ.අපට ඒක කළමනාකරණය කරගන්න බැහැ.‘ ඇය පැවසුවාය.

මේ ඇසීමත් සමග පලස්තීන දැරිය මහ   හඩා වැටුනාය.පසුතැවිල්ලක සේයාවක් මුහුණේ සටහන්ව තිබූ මර්කෙල්, දැරිය අසලට ගොස් ඇයගේ හිස අතගාමින් ඇය  සැනසීමට තැත් කරනු වැඩසටහන අවසානයේදී දැකගත හැකිවිය.

මර්කෙල්ගේ ප්‍රකාශය ලොව පුරා මහත් කලබලයක් ඇතිකිරීමට සමත්ව තිඛෙන අතර දරුවන් හා කටයුතු කිරීමට නොදන්නා බව කියමින් බොහෝ දෙනා ඇය දැඩිව  විවේචනය කරමින් සිටිති.ඔවුන් අතර ලොව ප්‍රකට පුද්ගලයෝ ද වෙති.

නමුත් ඇතැමුන් ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇන්ජෙලා මර්කෙල්  අගය කරමින් අදහස් දක්වා තිබේ.වෙනත් දේශපාලකයකු නම් තම ප්‍රතිරූපය නංවාගනු වස් එම දැරියට හා ඇයගේ පවුලට එවලේම ස්ථීර පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරනු ඇති වුවත් මර්කෙල් එසේ නොව අපක්ෂපාතී නියම වෘත්තිකයෙකු ලෙස කටයුතු කළ බව ඔවුන් කියයි.

කෙසේනමුත් මර්කෙල්ගේ මාධ්‍ය ඒකකය සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දැරිය හඩාවැටුණේ සරණාගත ගැටළුව විසදීමට ඉක්මන් පියවරක් ගැනීමට ජර්මන් රජය කටයුතු කරමින් සිටින බව අසායැයි සඳහන් කර ඇත.

2A94DE6C00000578-3163899-image-m-49_1437052923907[1] - Copy 2A94DE7D00000578-0-image-m-42_1437052549208[1] - Copy 2A94DE2700000578-3163899-image-m-48_1437052830978[1] - Copy 2A94DE7400000578-0-image-a-44_1437052755616[1]



අදහස් (0)

‘ජර්මන් චාන්සල්වරිය පල්ස්තීන දැරියක හඬවලා‘

ආනන්ද Friday, 17 July 2015 11:54 AM

චාන්සල්වරියගේ කතාවට මම එකඟයි. ඔය දියුනු රටවල් කන්නේ සරනාගතයෝ විදියට ඇවිත් ඉන්න අය තමයි. (ස)

:       0       0

සත්‍යා Friday, 17 July 2015 12:17 PM

ජර්මානුවන් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්වී ඇත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කීරිමෙනි. 1948 සුනුවිසුණු වූ ජාතියක් ලෝකයේ සියල්ලන්ම අභිබවා ගොස් ඇත. අනෙක් යුරෝපීය ජාතීන් ඔවුන්ගේ රටාට කෙසේ බලපෑම් කළත් ශ්‍රේෂ්ඨ ජර්මානුවන් නොසැළී සිටී.සරණාගතයන් ලෝකය හමුවේ ඇති විශාල ප්‍රශ්නයකි (නි)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 06:20 AM

කඳුළුවලින් රට පාලනය කල නොහැක (නදී)

:       0       0

අනුර Friday, 17 July 2015 01:36 PM

බොහෝ ජර්මානුවන් හොඳයි. නමුත් සමහර අය නම් එහෙම නැහැ (නදී)

:       0       0

රූපවතී Monday, 20 July 2015 02:38 PM

මම සතියක නිවාඩුවක් සඳහා වීසා ලබා ගැනීමට ඉල්ලුම් කරලා මාව රස්තියාදු කළා සති කීපයක්ම ජර්මන් එම්බසිය. ඒ මගේ ශ්‍රී ලංකා පාස්පෝට් එක දැකලා.ලෝකයේ තිබෙන නීති තදම එම්බසිය තමයි ජර්මන් එම්බසිය. ඒ රටේ මිනිස්සුත් ඒ වගේමයි (නි)

:       0       0

නුවන් Friday, 17 July 2015 09:03 AM

මේක විහිළුවක් මොකද පලස්තිනේ මේගොල්ලන්ට ජීවිත තර්ජන නැහැ මොගොල්ලෝ ගිහින් රටවල් විනාශ කරනවා! (අ)

:       0       0

අසෝක Saturday, 18 July 2015 07:07 AM

අපේ පට්ට හොරා බී.එම්.ඩබ්ලිව් සහ බෙන්ස් කීයක් කියලා ගෙන්නුවද (අ)

:       0       0

සමන්තිකා Sunday, 19 July 2015 01:58 PM

යුරෝපා සංගමයේ රටවල් වලින් ගිය වසරේ වැඩිම සරණාගතයන් බාරගත් රට ජර්මනිය. (නි)

:       0       0

නාමල් Friday, 17 July 2015 02:52 PM

චාන්සල්වරිය කිව්වේ ඇත්ත. හැම සරනාගතයටම වීසා දෙන්න ගියොත් යුරෝපය අරාබින්ගෙන් හා අප්‍රිකානුවන්ගෙන් පිරෙයි. යුරොපීය රටවලට මැද පෙරදිගින් සරනාගතයෝ විදිහට එන්නන් තමා ඒ රටවල අන්තවාදය වපුරන්නේ. ඒ රටවල ආන්ඩුවෙන් දෙන ආධාර අරන් හිටියත් මැද පෙරදිගින් එන බොහෝ අයගේ තියෙන්නේ දරුනු බටහිර විරෝදයක්. හැබැයි දිවි නොතකා පනින්න හදන්නෙත් බටහිරට (නදී)

:       0       0

තිලක් Sunday, 19 July 2015 07:14 AM

ඕව කිඹුල් කඳුලු. වෙළඳාමට කියල ලංකාවට ආවේ. දැන් වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලනවා. මුන්ව මොනම රටකටවත් ගන්න හොඳ නෑ. (බ)

:       0       0

කුමාරන Sunday, 19 July 2015 03:03 PM

ලෝකයට සරණාගතයන් බෝ කරන්නේ ඔය ධනවත් රටවල්.ඔව්න්ගේ දේශපාලන උවමනාවන්ට රටවල් අස්ථාවර කරනවා. සිවිල් යුද්ධ ඇතිකරනවා. පස්සේ එම සරණාගතයන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා. (බ)

:       0       0

අජන්තා Sunday, 19 July 2015 08:52 AM

රටට ආදරය කරන රට පවා නොදෙන නියම නායිකාවක්(ම)

:       0       0

මෙල් Friday, 17 July 2015 11:10 AM

ඔය බටහිර ධනවත් රටවල ඈයන්ට දුක් විඳින රටවල් ගැන කිසිම තේරුමක් නැහැ. (ස)

:       0       0

අතුල Friday, 17 July 2015 05:39 PM

අඩ අඩ තමා එන්නේ ඊට පස්සේ හිනා වේවි තමා බෝම්බ පුපුරවන්නේ! (ම)

:       0       0

සුපුන් Friday, 17 July 2015 05:42 PM

ජර්මනියට එන්නේ මොකද ඔය කියන ලෝකේ මවපු දෙවියෝ කොහේ හරි ඉන්නවනම්??? (ම)

:       0       0

ශිරන්ති Sunday, 19 July 2015 01:42 AM

පලස්තීනෙට මුදලින් ආධාර කලා නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site