IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජර්මන් චාන්සල්වරියට වර්ග දෙකක එන්නත් දෙයි

ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් වර්ග දෙකකින් කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවැනි මාත්‍රාව ලබාගත් බව ඇයගේ ප්‍රකාශක උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

ජර්මානු චාන්සලර්වරිය සිය පළමු එන්නත ලෙස ලබාගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනකා එන්නත වන අතර දෙවැනි එන්නත ලෙස මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත ලබාගත් බව ජර්මානු චාන්සලර්වරියගේ ප්‍රකාශක පැවැසීය.

ජර්මානු චාන්සලර්වරිය මේ වනවිට 66 වැනි වියේ පසුවන අතර ඇය සිය පළමු එන්නත ලබාගත්තේ ඉකුත් අප්‍රේල් මාසයේ දී ය.

ඇය එන්නත ලබාගත්තේ වයස අවුරුදු 60 සහ 60ට වැඩි අයට එන්නත ලබාදෙන්නැයි ජර්මානු බලධාරීන් නියෝග කළ පසු ය.

ජර්මානු චාන්සලර්වරිය වසර 16කට ආසන්න කාලයක් ජර්මනියේ නායිකාව ලෙස කටයුතු කළ අතර මේ වසරේ දී ඇය එම ධුරයෙන් ඉවත් වීමට නියමිත ය.

මේ අතර ජර්මනියේ දෙදෙනකුගෙන් එක් අයකු, එනම් සියයට 51.2ක් මේ වනවට ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.

ඒ.එෆ්.පී.



අදහස් (0)

ජර්මන් චාන්සල්වරියට වර්ග දෙකක එන්නත් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site