
ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය පසුකර තිබේ. බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේවනවිට ජර්මනියේ තහවුරුකර ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,006,394කි.
පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 22,806ක් වාර්තාවී තිබේ.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජර්මනියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,586කි. පසුගිය පැය 24 තුළ මරණ 426ක් සිදුවී තිබේ.
ජර්මනියේ බාර්, අවන්හල්, සිනමාශාලා සහ ව්‍යායාම ස්ථාන වසාදමා ඇති නමුත් පාසැල් සහ කඩ සාප්පු විවෘතව පවතී.
පොදු ස්ථාන වල රැස්විය හැකි සංඛ්‍යාව 10ක් දක්වා සීමාකර ඇති අතර දෙසැම්බර් 01වනදා සිට එය 5ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
එළඹෙන නත්තල් සමයේ මෙම සීමාවන් ලිහිල් නොකරන බව අගනුවර වන බර්ලින්හි පරිපාලනය දැනුම් දී තිබේ.
ජර්මන් රජය පවසන්නේ කොරෝනා හේතුවෙන් පණවන ලද සීමා කිරීම් ජනවාරි හෝ මාර්තු දක්වා බලාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජර්මනියේ කොරෝනා ආසාදිතයින් මිලියනය පසුකරයි