
දෙදින සංචාරයක් සඳහා ජෝර්දානයට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, ජෝර්දාන රජ පවුලෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මෝදි පිළිගනු ලැබුවේ, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුථ රානියා රැජින සහ ජෝර්දානයේ කිරුළ හිමි දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරුන් විසිනි.
ජෝර්දාන සංචාරය අතරතුරේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අම්මාන් අරැනුවර රාස් අල් ඉන් දිස්ත්‍රික්කයේ පිහිටි ජෝර්දානයේ විශාලතම කෞතුකාගාරය නැරැඹීමට ද ගියේය. ඒ දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු සමඟය.
දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු, ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය. ඔහු උපත ලබා ඇත්තේ 1994 වසරේදීය. කුමරු ජොර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති අතර, එක්සත් රාජධානියේ රාජකීය හමුදා ඇකඩමියෙන් හමුදා පුහුණුව ලබා ඇත.
දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා කුමරු සිය බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව කෞතුකාගාරයට රැගෙන ගියේ, එම රිය පදවාගෙනය.
අග්‍රාමාත්‍ය මෝදි ඉදිරිපස අසුනේ අසුන් ගෙන සිටියේය. මෙය ඉන්දීය මාධ්‍යවලත්, සමාජ මාධ්‍යවලත් දැඩි ලෙස කතාබහට ලක්වුණු සිදුවීමක් විය.
ජෝර්දානය මැදපෙරදිග රාජයයකි. සිරියාවට, සෞදියට, ඊජිප්තුවට, ඊශ්‍රායලයට සහ පලස්තීන බටහිර ඉවුරට මායිම් වෙයි. ඉන්දියාව, ජෝර්දානයේ තෙවැනි විශාලතම වෙළෙඳ හවුල්කරුය.
ජෝර්දාන සංචාරය අවසන් කිරීමෙන් පසු මෝදි ඉතියෝපියාවටත්, ඕමානයටත් යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෝර්දානයට ගිය අගමැති මෝදිට උණුසුම් පිළිගැනීමක්