IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජොර්ජ් කුමරුගෙන් චාර්ලට් කුමරියට හාදුවක්

විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ දෙවැනි දරුවා වන චාර්ලට් කුමරිය හා වැඩිමල් පුත් ජෝර්ජ් කුමරු එකට සිටින ඡායාරූප පෙළක් ප්‍රසිද්ධිය පත් කිරීමට කේට් කුමරිය කටයුතු කර තිබිණි.

කේට් කුමරිය දරුවන් දෙදෙනාගේ ඡායාරූප හතරක් ගෙන ඇති අතර ජොර්ජ් කුමරු හා චාර්ලට් කුමරිය එකට සිටින පළමු නිල ඡායාරූප මෙම ඡායාරූප බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චාර්ලට් කුමරියගේ වයස   සති දෙකක් වන අතර ජොර්ජ් කුමරු එළැඹෙන ජූලි මාසයේදී දෙවැනි වියට පා තැබීමට නියමිතය.

කෙන්සින්ග්ටන් මාළිඟාවේදීය (ඒ.එෆ්.පී)

29679E3500000578-3113786-Brotherly_love_Prince_George_tenderly_places_a_kiss_on_the_head_-a-5_1433629316686

 



අදහස් (0)

ජොර්ජ් කුමරුගෙන් චාර්ලට් කුමරියට හාදුවක්

රුවනි Monday, 08 June 2015 10:37 AM

පාඨක භවතුන්ගේ කාරුණික අදහස් වලට ස්තුතියි .. (ම)

:       0       0

රොමේෂ් Monday, 08 June 2015 04:33 AM

ඇත්තටම හිතට හරිම සතුටක් දැනුන ඒ සහෝදරකම දැක්කම.දෙන්නටම නීරෝගී යහපත් අනාගතයක් පතනවා.(ම)

:       0       0

නිහාල් Wednesday, 10 June 2015 12:24 AM

සුන්දර ඡායාරූපයක් (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 10 June 2015 12:24 AM

මගේ නංගිට අනුකම්පා කරලා මම ගමේ හදපු ගෙදර ඉන්න දුන්නා එයාගේ මහත්තයට රැකියාවක් නැති නිසා. අපි ඉන්නේ කොළඹ . ජීවත්වෙන්න අමාරු නංගිට කුලී ගෙවල් වලට ගෙවන්න මුදල් නැහැනේ. අන්තිමට මේ ගෙට ආසා කළ ඒ කපටි සහෝදරිය මගේ දුවට එයාගේ පුතාව යෝජනා කළේ ඔය ගෙදර මගේ කෙල්ලට දෑවැද්දට දෙන්න යන බව දැනගෙන. ඒ රස්තියාදුකාර බෑනාට අපි අකමැති වුණාම දැන් ගෙදර අයිතියට නඩු දාලා. මට දුක දරාගන්න බැරි වුණේ අදටත් මාත් ඔය නංගිත් මෙන්න මෙහෙම පුටු සැටියක බොහොම සතුටෙන් ඉන්න පුංචි කාලයේ පින්තූරයක් මහ ගෙදර තිබෙන බව මතක් වුණාම. (නි)

:       0       0

කුමාරි Monday, 08 June 2015 06:04 AM

දෙවියන්ගේම පිහිටයි. හරිම ලස්සන දසුනක් (ම)

:       0       0

රසික Tuesday, 09 June 2015 03:23 AM

සහෝදර සහෝදරියන් ඉන්න එක වුණත් හැම කෙනාටම සතුටක් වෙන්නේ නැහැ. මගේ සහෝදරියන් දෙන්නා මගේ ප්‍රේම සම්බන්ධය කඩන්න නොගත් වෑයමක් නැහැ. අප්පච්චි නැති වුණ පසු පවුලට පියෙක් වුණ ලොකු අයියා ඒගොල්ලන්ව දෑවැදි එක්ක හොඳ තැන් වලට බන්ඳලා දුන්නා. අන්තිමට වයස 40 ත් පැනලා බඳින්න හදන ලොකු අයියට හරිගිය ව්වාහ යෝජනා ඔක්කොම කැඩුවා. අන්තිමට මේක දැනගෙන ඒගොල්ලන්ගෙන් බොහොම ප්‍රවේශම් වෙලා කල් ගිහින් විවාහ වුණ අයියාට අදටත් දරුවෝ නැහැ. ඉන්දික රුවනි ඒ නිසා සහෝදරයන් නිසා මෙහෙම දේවලුත් ලෝකේ වෙන බව දැනගෙන ,හිත හදාගන්න. (නි)

:       0       0

මනික් Monday, 08 June 2015 06:36 AM

දැක්කම ආසයි . හරිම ප්‍රීතිමත් දසුනක් ! කොච්චර දයාබර අයියා කෙනෙක්ද ?. (කේ)

:       0       0

බටගල Sunday, 07 June 2015 11:04 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 11:10 PM

ආදරයට සෙනෙහසට රජ මැදුර දුගී පැල්පත් කියලා වෙනසක් නැහැ අප්පා! මොනවා වුණත් සුන්දර දසුනක් (නි)

:       0       0

ඉසුරන්දි Monday, 08 June 2015 08:25 AM

මේ දරුවොත් පෙර වාසනාවක් කරලා තියෙනවා රජ පවුලක ඉපදෙන්න.(නදී)

:       0       0

රුවනි Monday, 08 June 2015 08:49 AM

මම තනි දරුවෙක්. මව්පියන් විවාහ වෙලා අවුරුදු 10 කින් තමයි මාව ලැබිල තියෙන්නේ. පොඩි කාලේ නම් මව්පිය අවධානය ඇතුළු හැම දෙයක්ම මට තනි භුක්තියට ලැබෙන කොට මම බොහොම සතුටු වුනා. එ්ත් වයසින් වැඩෙත්ම තමයි සහෝදර සහෝදරියන් නැති කමේ කරුමය දැනුනේ. අනෙක් අයගේ හැම කරදරයකදිම අනේ අපොයි කියාගෙන ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ සහෝදර සහෝදරියන්. දානයක් මගුලක් ප්‍රීතිමත් අවස්ථාවක් ආවත් කොහොම හරි උදව්වට එනවා. වැඩිමල් සහෝදරයන් ගෙන් උපදෙස් ලැබෙනවා. මට ඒ වාසනාව නැහැ. අදටත් දුකයි. (නදී)

:       0       0

ඉන්දික Monday, 08 June 2015 09:12 AM

රුවනි, ඔයාගේ කොමෙන්ට් එක දැකල මට මේක ලියන්න හිතුන. මමත් ඔයා වාගේම ඔය ගැන සෑහෙන්න දුක් වුණා. මටත් සහෝදර සහෝදරියෝ කව්රුත් නැහැ. හිටියේ අම්ම සහ තාත්ත පමණි. දැනට අවුරුදු හතරකට පෙර තාත්තත් නැති වුණා. දැන් ඉන්නේ මම සහ අම්මා පමණි. කව්රුත් නැති අඩුව කියල වැඩක් නැහැ. (ම)

:       0       0

ශ්‍රීමා Monday, 08 June 2015 09:23 AM

හරිම ලස්සන පොටෝ එකක් (නදී)

:       0       0

ශලිනි Monday, 08 June 2015 02:04 AM

ආදරය කරුණාව ඇතුව මේ රජ පවුල දරුවන් හදන වඩන බව පේනවා. ප්‍රීතිමත් දරුවන් දකින්නත් සතුටුයි. (නි)

:       0       0

මෙත්සාර Tuesday, 09 June 2015 01:28 PM

ඉතාම වාසනාවන්ත දරු දෙන්නෙක්. හොඳ වෙලාවට දරුවනේ ඔයාලා එංගලන්තයේ ඉපදුනේ. බැරි වෙලාවත් ඔය රජ පවුල එහෙම ලංකාවේ තිබුනා නම්, මේ වෙද්දී දේශපාලකයින් ඔය රජ පැළැන්තිය හා බකිංහැම් මාළිගාවත් හොරාකාලා ඉවරයි. පහුගිය කාලේ අපේ රටේ සමහර දේශපාලකයින් බුදුන් වහන්සේගේ පරම්පරාවටත් හිමිකම් කිව්වා. ඒ වගේ දේවල් නම් මතක්වෙද්දීත් තවම හිනායනවා. (නි)

:       0       0

විද්‍යා Monday, 08 June 2015 07:29 PM

රුවනි දුවේ සහ ඉන්දික පුතේ, ඔබ දෙපළගේ තොරතුරු දැක්කහම මටත් කණගාටු ඇතිවුණා. මටත් ඉන්නේ එකම පුතයි. ඔහුත් මෙය ගැන නිතරම කිය කියා දුක්වෙනවා තවම. එනමුත් එම දරුවාට මම පියෙක් සහ හොඳ සොහොයුරෙක්. ඉන්න දෙමව්පියන් සමඟ ආදරයෙන් ඉන්න. දෛවයේ සමහර දේවල් වෙනස් කරන්න බැහැ. දුක්වෙන්නට එපා. කරුණාව සහ අනුකම්පාව දයාව දියුණු කළහොත් හොඳ මිනිසුන් ඔබ ළඟට එයි. ඔබ දෙපලට මගේ හද පත්ලෙන් ඇතිවන කරුණාව ලැබේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 09:49 AM

රුවනි , දාහක් වටේ හිටියත් බුදු දහමට අනුව අපි තනිවෙන තනියෙන් යන්න වෙන දවසක් එනවා , ඒ හින්ද දහමට අනුව හිත හදාගෙන සතුටින් ඉන්න . (බ)

:       0       0

රම්‍යා Monday, 08 June 2015 03:27 AM

අනේ හරිම ලස්සනයි (බ)

:       0       0

චලනි Monday, 08 June 2015 03:32 AM

පින්වන්ත දරුවන් දකින්නට ලැබීමත් වාසනාවක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 480 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site