සඳුදා (17) ආරම්භවූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් කරුණා නිධිගේ ඩීඑම්කේ කොංග්‍රස් සන්ධාන පක්ෂය ජය ගන්නා ලකුණු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාමේගේ කේඑම්ඩීකේ පක්ෂය පරාජයට පත්වීමට බොහෝ ඉඩකඩ ඇතැයි කියති.
ආසන 234කින් යුත් තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 120ක් පමණ කරුණා නිධිගේ පක්ෂයට හිමිවනු ඇති බව සමීක්ෂකයෝ පෙන්වා දෙති.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ නිල ප්‍රතිඵල මැයි 19 වැනිදා වන විට ප්‍රකාශයට පත් කළ හැකිවනු ඇතැයි ඉන්දීය වාර්තා කියයි.
තමිල්නාඩු, කේරළ සහ පුදුච්චේරි යන ප්‍රාන්ත තුනෙහි මැතිවරණය සඳුදා ඇරඹි අතර තමිල්නාඩු ප්‍රාන්තයේ මිලියන 5.8ක ඡන්ද දායකයෝ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජයලලිතා පරාජයවන ලකුණු
ඇසළ Wednesday, 18 May 2016 09:06 AM
කරුණානිධි ළඟදීම නිදා ගන්න ලක්ෂණ තියන නිසා දිනුවත් කමක් නැහැ. (බ)
අබය Wednesday, 18 May 2016 01:32 AM
මේ දෙන්නම එකයි මට නම්. වෙනසක් නැහැ (නි)
ශෂි Wednesday, 18 May 2016 10:21 AM
මිලියන 5.8 නොවේ මිලියන 58 (අ)
දීපාල් Tuesday, 17 May 2016 06:51 AM
කවුරු දිනුවත් කවුරු පැරදුනත් ලංකාවට එක ප්‍රතිපත්තියයි! අපේ පාලකයෝ ගතයුතු ආදර්ශය අන්න එකයි.(ම)
සුසිල් කරු Wednesday, 18 May 2016 10:40 AM
පරාජය ලලිතා කියමු ද දැන් ...... (අ)
පෙරියදොරේ Tuesday, 17 May 2016 07:18 AM
බොහොම සතුටු වෙනවා (නි)
ධම්ම Tuesday, 17 May 2016 07:26 AM
ජයලලිතා පැරදුනාම ගිනි තියාගන්න ඉන්න අයට සතුටු ඇති. (නි)
ගුණදාස Tuesday, 17 May 2016 02:14 PM
ඔයා ගෙදර ගියොත් , ශ්‍රී ලංකාවේ ජනවර්ග දෙකටම හොදයිනේ (බ)
සිල්වා Tuesday, 17 May 2016 08:35 AM
තමිල්නාඩු මැතිවරණය කියන්නේ දෙමළ ජනයාව රවටා ලබාගන්නා අදීන ජයක්. මේ අයගේ මුල්ම ඉලක්කය තමයි ඊළම් සිහිනය. ජනතාව දන්නවා ‘ඇන්ටිගේ‘ ක්‍රියාකලාපය (නි)
පුබුදු Wednesday, 18 May 2016 06:06 AM
මෙයාල දෙන්නම පරාද වෙනවානම් හොඳයි. (ර)
සුරංග Wednesday, 18 May 2016 06:11 AM
ඔය දෙන්නගෙන් කවුරු ආවත් එකයි. දෙන්නගෙම සිහිනය ලංකාවේ ඊළාම් පිහිටුවන්න. අනික ඔය පළාතෙ ඉන්න ජනයාගේ මොලේ හරි අමුතුයි, උගතුන් කියන අයටත් බුද්ධිය නෑ. (ර)
ශිහාන් Tuesday, 17 May 2016 03:47 PM
අයියෝ ජයලලිතා, දැන් මොනවා වෙයිද? (නි)
ඉන්දික ගම්පහ Tuesday, 17 May 2016 09:10 AM
ජය වේවා ලංකාවට! මෙයා අපිට හැමදාම කොකුමයි ඇද්දේ. ඊළමත් දෙනවා කිව්වා දිනුවොත්.. (නි)
රොහාන් Thursday, 19 May 2016 01:51 PM
තමන්ගේ ජනතාවට සේවය කලානම් එහෙම වෙන්න විදියක් නැහැ. (ර)
සෑම් Tuesday, 17 May 2016 09:32 AM
හොර, බොරු, මායාකාර වැඩවලින් ඡන්දදායකයන්ව මෝයින්ට අන්දවපු කාලය ඉවරයි (නි)
ගුණවර්ධන Tuesday, 17 May 2016 06:21 PM
ජයලලිතා දේශපාලනය ටිකකට නවත්වලා තමන්ගේ දේහය ගැන හිතලා බැලුවොත් තව ටික කලක් ඉන්න පුළුවන් වෙයි. (නි)
නිම්මි Thursday, 19 May 2016 03:02 PM
මේ දෙන්නා මොන වගේ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ නායකයෝ කෙළින් මිනිස්සු (නි)
සමන්ති Wednesday, 18 May 2016 11:00 PM
තමිල්නාඩුවේ ලලිතා දිනුවත් කරුණානිධි දිනුවත් අපට වෙනසක් නැහැ. දෙන්නාම එකම බෝට්ටුවේ ඉන්නේ. වයිකෝගේ පක්ෂය දිනුවත් එකයි. (නි)
රජින්ද Tuesday, 17 May 2016 06:06 AM
මේ ජයලලිතා හැම මැතිවරණයක්ම විකුණගෙන කෑවේ ලංකාවේ ඊලමක් ගැන කිය කියායි. ඒත් ඉතින් ගොනාට ඇන්දෙනවා කියල මේ තරම්ම ගොනාට ඇන්ඳෙන්න බැරි නිසාද කොහෙද මෙදා පාරත් මෙයා පරාදයි. (අ)
මිහිරි Tuesday, 17 May 2016 06:30 AM
මෙයට ඔක්කොම වැඩ තියෙන්නේ ලංකාවෙනෙ. ඔහොම වෙලා මදි. ලංකාවට කෙනෙහිලිකම් කරන හැමෝටම මෙහෙම තමා. (අ)
අමල් Tuesday, 17 May 2016 10:49 AM
පරාද නොව්නොත් තමයි පුදුමේ. (ර)
වරුණ Wednesday, 18 May 2016 12:30 AM
“සී යූ ලේටර්“ නැන්දේ. (නි)