හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව මතභේදාත්මක ජම්මු කාශ්මීර ප‍්‍රදේශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත‍්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ දෛනික වැඩ කටයුතු සහ යෝජනා කල් දමමින් ආණ්ඩු පක්ෂය ජම්මු කාශ්මීර සම්බන්ධයෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර ජම්මු කාශ්මීර ප‍්‍රදේශයට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇත.
දශක හතක් තිස්සේ දිග්ගැස්සෙන හිමාලයානු ප‍්‍රදේශයට අයත් ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවක් මෙතරම් දැඩි පියවරක් ගත් පළමු අවස්ථාව මෙය වේ.
මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන කාශ්මීරයට ඉන්දීය රජය ස්වයංපාලන තත්ත්වයක් ලබා දී තිබූ අතර එය අවසන් කරමින් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා නව යෝජනාවක් ඉදිරිපත් කළේය.
මේ අනුව ඒ යෝජනාව අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනිණි. නව යෝජනාවට අනුව ඉඩම් හා දේපළ මිලදී ගත හැක්කේ කාශ්මීරයේ ස්ථීර පදිංචිකරුවන්ට පමණක් වන අතර රජයේ රැකියාවල නිරත විය හැක්කේ සහ අයැඳුම් කළ හැක්කේ එහි ස්ථීර පදිංචිකරුවන්ට පමණි.
(රොයිටර් ඇසුරිනි)
055

2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජම්මු කාශ්මීරය ගැන භාරතීය ජනතා පක්ෂයෙන් නව යෝජනාවක්