ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව, ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද අද (12) සිදුවනු ඇත.
67 හැවිරිදි ෂෙන්සෝ අබේ, ජපාන වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ අග්‍රාමාත්‍යවරයෙකි. වැඩිම කාලයක් ජපාන අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ද අබේය. ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ පසුගිය 8 වැනිදා මැතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය.
ෂෙන්සෝ අබේ, ජපාන වැසියන්ගේ පමණක් නොව, ජාත්‍යන්තරයේ ද ගෞරවාදරයට පාත්‍ර වුණු රාජ්‍ය නායකයෙකි.
ඉන්දුනීසියාවේ පැවැති ‘ජී20’ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වූ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පෙර දැනුම් දීමකින් තොරව, ෂෙන්සෝ අබේ අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට ටෝකියෝ නුවරට පැමිණියේය.
ජපාන රජය, අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේට රජයේ ඉහළම ගෞරව නාමයක් ප්‍රදානය කර තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ අයුරින් ගෞරව නාමයකින් පිදුම් ලැබූ සිවුවැනි ජපන් අග්‍රාමාත්‍යවරයා වන්නේ ෂෙන්සෝ අබේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජපන් වැසියෝ ෂෙන්සෝ අබේට සමුදෙති