ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
දශක ගණනකින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ දරුණුතම පරාජයක් ලෙස මෙය සැලකෙයි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ ඔවුන්ට හිතවත් කොමෙයිටෝ නමැති කුඩා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
බහුතරය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 233 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය දිනා ගත්තේ ආසන 208 කි.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් ආසන 235 ක් දිනා ගත්තේය. ඒ අතරින් ද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම ලෙස සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 143 ක් දිනා ගත් බව ද පැවැසෙයි.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකයාය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ දශක ගණනක් තිස්සේය.
මීට සති කීපයකට පෙර, පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර පක්ෂ නායකයා ලෙස ෂිගෙරු ඉෂිබා තෝරා ගැනීම සිදුවිය.
තමන්ට ජන වරමක් ද අවශ්‍ය යැයි 67 හැවිරිදි ෂිගෙරු ඉෂිබා විශ්වාස කළ බැවින් කඩිනමින් මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කළේය. ජපන් මහ මැතිවරණය පැවැත්වීම සිදුවූයේ ඒ අනුවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී