IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජපාන අගමැති නවදිල්ලියේ

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය සංචාරයකට පැමිණියේය. ජපාන අග්‍රාමාත්‍ය ලෙස ෆුමියෝ කිෂිඩා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළේය. ඉන්දියාව රුසියාවේත් යුක්රේනයේත් මිතුරකු වන අතර, රුසියන් යුක්රේන අර්බුදයේ දී මධ්‍යස්ථව කටයුතු කරයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙලා දැකීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයට විරුද්ධ වන ලෙසත් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙමින් ඉල්ලා සිටියේය.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ ද සමීප මිතුදම් පවතින බැවින්, ඉන්දියාවට අඩු මිලට තෙල් සහ වායු ලබා දීමට පවා රුසියන් ජනාධිපති පුටින් එකඟවී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ජපාන අගමැති නවදිල්ලියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 579 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site