IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජපන් අගමැති ධුරයට කාන්තාවක් පත්වන ලකුණු

ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පළමු වරට කාන්තාවක් තේරී පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන තරගයට තමන් ඉදිරිපත් වන බව පක්ෂයේ ප්‍රබලයකු වන සනේ ටකායිචී පැවැසීමත් සමඟය.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂ නායකයාටය. පක්ෂ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ මෙම 29 වැනිදාය. හිටපු විදෙස් ඇමැතිවරයකු වන ෆුමියෝ කිෂිදා ද ඒ සඳහා ඉදිරිපත් වෙයි.

පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැත්වෙනු ඇත්තේ සනේ ටකායිචී සහ ෆුමියෝ කිෂිදා අතරේය. සනේ ටකායිචී පක්ෂ නායකත්වයට පත්වී අග්‍රාමාත්‍ය ධුරය බාර ගතහොත් ජපාන අග්‍රාමාත්‍ය ධුරයට බාර ගන්නා පළමු කාන්තාව ඇය වනු ඇත.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන යොෂිහිදේ සූගා පවසා ඇත්තේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන තරගයට තමන් ඉදිරිපත් නොවනු ඇති බවත්, තමන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වෙන බවත්ය.

(රොයිටර්)



අදහස් (1)

ජපන් අගමැති ධුරයට කාන්තාවක් පත්වන ලකුණු

kanishka ramasingha Friday, 10 September 2021 05:01 AM

ජපන් අධිකාරියේ පුරුෂාධිපත්‍යය කිසිදිනෙක බිඳලිය නොහැක.. රජපෙළපතේ මීළඟ නායකත්වයට සුදුසු එකම කාන්තාව රජතුමාගේ දූ කුමරියයි. නමුත් එය එසේ නොවන්නට රජුගේ මල්ලිට දීමට නීති සම්පාදනය කළේය. ඉන්පසු රජුගේ මල්ලි සහ ඔහුගෙන් පසු ඔහුගේ එකම පුත්කුමරාට රජකම හිමිවෙන්නට නියමිතය. නමුත් ලංකාවේ වුණා නම් වැඩේ කොහොමද? මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site