IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජපන් අගමැතිට ‘කොවිඩ්’: නිල නිවසේ සිට වැඩ

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, අග්‍රාමාත්‍යවරයා නිල නිවසේ නිරෝධායනයට ලක් වුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය සතියක කාලයේ අග්‍රාමාත්‍යවරයා නිවාඩුවකට ගොස් සිටියේය. ඔහු යළි රාජකාරි ආරම්භ කිරීමට නියමිතව සිටියේ අද (22) සිටය.

කෙසේ නමුත්, නිවාඩු ගොස් පැමිණෙද්දී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පෙන්නුම් කළ බැවින්, අග්‍රාමාත්‍ය කිෂිඩා ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී ඔහු ආසාදිතයකු බව තහවුරු විය.

මේ වනවිට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප විකෘතිය හේතුවෙන් ජපානයේ යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ජපන් අගමැතිට ‘කොවිඩ්’: නිල නිවසේ සිට වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site