මීළඟ නේටෝ සමුළුවට තමන් සහභාගී වන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා පවසයි.
ජපානය 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වනු ඇති අතර 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු ජපාන අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ෆුමිකෝ කිෂිඩා ය.
'නේටෝ' හෙවත් 'උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය' යුද සංවිධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී 'නේටෝ' සංවිධානය පිහිටුවා තිබෙන්නේ රුසියාවෙන් එල්ල වන තර්ජන ගර්ජනවලට මුහුණ දීම සඳහාය. 'නේටෝ' සංවිධානයට අයත් සාමාජික රටවල් ගණන 30 කි.
ජපාන අග්‍රාමාත්‍ය ෆුමිකෝ කිෂිඩා ලබන 28 සිට 30 තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන 'නේටෝ' සමුළුවට සහභාගී වන්නේ රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.
ජපානය නේටෝ සාමාජික රටක් නොවුණත් ඇමෙරිකාවේ සමීපතම හිතවාදියෙකි. රුසියන් යුක්රේන අර්බුදයේ දී ජපානය රුසියාවට විරෝධය දක්වමින් කටයුතු කරන්නේ එහෙයිනි.
රුසියන් යුක්රේන අර්බුදයේදී ජපානයේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. ජපාන රජය, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියාවට සම්බාධක පැනැවීම් ද සිදු කර තිබේ.
ස්වීඩනය සහ රුසියාවේ අසල්වැසියකු වන ෆින්ලන්තය 'නේටෝ' සාමාජිකත්වය අයැදුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ද මැඩ්රිඩ් නුවරදී පැවැත්වෙන් නේටෝ සමුළුවේදී අවධානය යොමු වනු ඇති බව පැවැසෙයි. යුක්රේන රුසියන් අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය අර්බුද රැසකට මුහුණ දෙයි.
ඉන්ධන සහ ආහාර අර්බුදය ඒ අතරින් කැපී පෙනෙයි. රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් නොවුණහොත් ඉදිරියේ දී ආහාර අර්බුදයක් ඇතිවේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අගවා තිබේ.
ජපාන අග්‍රාමාත්‍යවරයා පමණක් නොව, දකුණු කොරියානකු නව ජනාධිපති යූන් සූක් ඉයොල් ද ලබන ලබන 28 සිට 30 තෙක් මැඩ්රිඩ් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වීමට නියමිතය සිටී. දකුණු කොරියාව 'නේටෝ' සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, යූන් සූක් ඉයොල් නේටෝ සමුළුවට සහභාගී වනු ඇත්තේ එම සමුළුවට සහභාගී වන පළමු දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙසය. දකුණු කොරියාව ද 'නේටෝ' සාමාජිකයකු නොවුණත්, ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයකි. රුසියන් යුක්රේන අර්බුදයේ දී දකුණු කොරියාව යුක්රේනයට සහාය දක්වන්නේ ඒ නිසාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානය පළමු වරට ’නේටෝ’ සමුළුවට
ganegoda Friday, 17 June 2022 12:35 PM
ඒ දවස්වල ගහපු පරමාණු බෝම්බ ගැන කතාකරන්න වෙන්න ඇති...