IMG-LOGO

ජපානයේ අධිකරණ අමැතිවරයා ඉල්ලා අස්වෙයි

ජපාන අධිකරණ අමාත්‍ය කට්සුකි කවායි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සතියක් තුළ එරටින් වාර්තා වූ  අමාත්‍යවරයෙකුගේ දෙවැනි ඉල්ලා අස්වීම මෙයයි.

මෙම වසරේ උත්තර මන්ත්‍රී මණ්ඩල සභා මැතිවරණයේ දී ඔහුගේ බිරිඳ මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට සඟරාවක් විසින් චෝදනා එල්ල කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතුවයි.

නීත්‍යනුකූල සීමාව ඉක්මවා මැතිවරණ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයට ඇය ගෙවීම් සිදුකර ඇතැයි එම සඟරාව අනාවරණය කර තිබේ.

සිය ඡන්ද කොට්ඨාසයේ ඡන්ද දායකයින්ට කාර්ය මණ්ඩලය ඔස්සේ කැවිලි වර්ග සහ වෙනත් ත්‍යාග යවා අමාත්‍යවරයාගේ කාර්යාලය තුළදීද දූෂණ ක්‍රියා සිදුකර ඇති බවට ද චෝදනා නගා ඇත.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය කවායි මහතා අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාට අද පෙරවරුවේ භාරදුන්නේය. මහජන විශ්වාසය කඩකිරීමට හේතුවන මෙම සැකකටයුතු සිදුවීම් සම්බන්ධයෙන් තමා වගකීම භාර ගන්නා බව ඔහු ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එරට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ ඉස්ෂූ සුගවරා මහතා මීට දින 6 කට පෙර ඉල්ලා අස්විය. 
 
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)



අදහස් (2)

ජපානයේ අධිකරණ අමැතිවරයා ඉල්ලා අස්වෙයි

muditha Thursday, 31 October 2019 08:21 AM

අපි නම් ඡන්දේ දෙන්නේ නීති කඩන අයට විතරයි...

:       0       12

Mahinda Friday, 01 November 2019 12:51 AM

ලංකාවෙන් හුඟක් එහායින්ද ජපානේ තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 702 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site