ජපානයේ කියුෂු ප්‍රදේශයේ අද(16) අලුයම 7.3ක රිච්ටර් මාපාංක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනකු මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
සිකුරාදා (15) ජපානයේ කුමමොටෝ හි ඇතිවූ භූකම්නයෙන් 9 දෙනකු මරුමුවට පත්වූ අතර එය සිදුවී පැය 24 ක් ගතවීමට මත්තෙන් මෙම කම්පනය සිදුවී ඇතැයි කියති.
මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු සංඥාද නිකුත් කැර තිබූ නමුත් එය පසුව අවලංගු කිරීමට බලධාරීහු ක්‍රියා කළහ.
ගොඩනැගිලි හා මාර්ගවලට කම්පනයෙන් හා නාය යාම් වලින් දැඩි හානි සිදුවූ අතර ගොඩනැගිලි නිර්මාණය කිරීමේ ජපන් ක්‍රමවේදය හේතුවෙන් හානිය යම්තරමකින් අවම වී තිබූ බව එරට මාධ්‍ය වාර්තා කියයි.
සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවත් ඒ වෙනුවෙන් සහන සේවකයන් 20000ක් යොදවා ඇති බවත් කියති.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයට තවත් භූමිකම්පාවක් : 19ක් මරුට