IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජෛන චාරිත්‍රයට තිබූ තහනම ඉවතට

ආහාර වර්ජනය කරමින් මරණයට කැපවීමේ ජෛන ආගමික චාරිත්‍රය වන ‘‘සන්ත්‍රා“ මාරාන්තික උපවාසයට තිබූ නීතිමය තහනම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත්කැර ඇත. මෙම චාරිත්‍රෙය හේතුවෙන් ජෛන ආගමිකයන් ස්වේච්ඡාවෙන් සියදිවි නසා ගන්නා බවත් එය නීති විරෝධී බවත් ප්‍රකාශ කරමින් රාජස්ථාන් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කැර තිබිණි.

එම තහනමත් සමග දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරත වූ ජෛන ආගමිකයන් කියා සිටියේ සියදිවි හානිකර ගැනීම අපරාධයක් වුවත් සිය ආගමික චාරිත්‍රය එවැනි අරමුණකින් කරන්නක් නොව ආගමික ඇදහීමක් පමණක් බවයි.

ඉන්දියාවේ ජෛන ආගමිකයෝ ලක්ෂ 40ක් පමණ සිටිති. ලොව ඉතා පැරණි ආගමක් ලෙස සැළකෙන ජෛන ශ්‍රමණවරු ඉතා දුෂ්කර දිවි පෙවතක් ගත කිරීමට හුරුවූවෝ වෙති. ඔවුන් සන්ත්‍රා නම් මාරාන්තික උපවාසය හඳුන්වන්නේ ආහාර ගැනීමෙන් වැළකී මරණයට සූදානම් වීමේ චාරිත්‍රයක් ලෙසිනි.

 

 



අදහස් (0)

ජෛන චාරිත්‍රයට තිබූ තහනම ඉවතට

උදය Wednesday, 02 September 2015 03:54 AM

බුදුබව පතන කෙනෙක් පරමත්ත පාරමිතාව පිරිය යුතුය. එනම් ජීවිත දානය දියයුතුය. මෙය සියදිවි හානිකාර ගැනීමක් නොවේ. අරමුණ අනුව ක්‍රියාවේ ඵලය වෙනස්වෙයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 01 September 2015 07:36 AM

විචාරය සහ අවිචාරය අතර වෙනස (අ)

:       0       0

සදහම් Tuesday, 01 September 2015 06:57 PM

මරණය නිතර නිතර සිහි කිරීමත්, ඕනෑම මොහොතක මරණය සඳහා සුදානම්ව සිටීමත් වැදගත් වුවත්, සිරුරට ආහාර නොදී සිරුර මරණය කරා බලහත්කාරයෙන් ඇදගෙන ගොස් සිතක් මරණය සඳහා සුදානම් කළහැකිද? තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කයෙහි සිදුවන විපරිනාමයත් සිතෙහි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි දහරාවල වෙනස්වීමත් දෙස අවධි සිහියෙන් බලා සිටීමෙන් මරණය සජීවී ලෙස අත්දැකිය හැකියැයි සිතමි. (නි)

:       0       0

නයනා Wednesday, 02 September 2015 02:35 AM

සදහම්, ඔබ කියන කාරණය හරි. ඒත් ජෛන මහාවීර යනු බුදුන්ගේ සමකාලීන ශාස්තෘවරයෙක්. ජෛනයන්ගේ අනුගාමිකයින් බොහෝ දෙනෙකු මේ සත්‍යය වටහාගෙන බුදුන් හමුවට පැමිණ ඇත. ඒත් අවසානය දක්වාත් ඉන්පසුව අද දක්වාත් ජෛනයන් අදහන පිරිසක් ඉන්නවා. බුදු හිමියන් ඔවුන්ව බලෙන් නම්මවන්න උත්සාහ කළේ නැහැ. බුද්ධිය ඇති අය බුදුන් කරා පැමිණියා. අනෙකුත් අය ඒ දෘෂ්ටි මාර්ගයේම යනවා. ලෝකය එහෙම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site