
ගාසා තීරයට පහර දෙමින්, ඊශ්‍රායලය සිදු කරන ජන සංහාර වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි ඉරානය, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වුණු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉරාන රජය වෙනුවෙන් එම ඉල්ලීම කළ ඇත්තේ ඉරාන විදේශ අමත්‍යාංශයයි. ඉරාන විදේශ අමත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායී මෙම ඉල්ලීම කළේ ටෙහෙරාන් අගනුවර මාධ්‍ය හමුවක් අතරතුරේ ගාසා තීරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගූ අවස්ථාවේදීය.
ට්‍රම්ප් දීර්ඝ කාලීනව, ඊශ්‍රායලයේ සමීප මිතුරකු බැවින්, ඔහු ඉරානය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
මැතිවරණ සමයේ දී ට්‍රම්ප් ඝාතන සැලැසුම් ක්‍රියාත්මක වූ අතර, එම සැලැසුම් පසුපස සිටින්නේ ඉරානය සහ ඉරානයේ විප්ලවීය හමුදාව යැයි දිගින් දිගටම චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව, ට්‍රම්ප් ඉරානයේ ඉල්ලීමට කන්දෙනු ඇතැයි සැකසහිත බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතරේ පවතින ගැටුම් නිරාකරණය කර දී, සටන් විරාමයක් සඳහා මැදිහත් වීමට තමන් ද සූදානම් බව රුසියාව පවසා ඇත.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනසංහාරය නවත්වන්න: ඉරාන රජය ඉල්ලයි