IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති මොර්සිට එරෙහි කයිරෝ ගැටුම් උග‍්‍රවෙයි

ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිට විරෝධය පළ කරන පිරිස් සහ ඔහුගේ ආධාරකරුවන් අතර ඊයේ (6) එරට කයිරෝ අගනුවර දරුණු ගැටුම් හටගත්තේය. ගැටුම්වලින් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 350 දෙනකු තුවාල ලැබූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට පොලිසිය යෙදවීමට ඊජිප්තු රජය කටයුතු කර තිබුණ ද විරෝධතාකරුවෝ පොලිස් නිලධාරීන්ට ද පහර දුන්හ. ජනපති මොර්සිට එරෙහි විරෝධතා ආරම්භ වූයේ ඊජිප්තුවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වැත්වීමට නියමිතව තිබියදීය. විරෝධය දක්වන විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් චෝදනා කරන්නේ ජනපති මොර්සි අසීමිත ලෙස බලතල පවරා ගැනීමට උත්සහ ගන්නා බවය. ජනපති මොර්සි ගත් කි‍්‍රයාමාර්ගවලට විරෝධය පළ කරමින් දහස් ගණන් විපක්ෂ කි‍්‍රයාකාරීන් ඉකුත් සතියේ සිට එරට කයිරෝ අගනුවරට රැුස්ව සිටි අතර එම පිරිස් සහ මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන් අතර ගැටුම් ආරම්භ වූයේ පෙරේදා (5) සිටය. හටගෙන ඇති අර්බුදය හේතුවෙන් ජනපති මොර්සිගේ උපදේශකවරුන් තිදෙනකු ද ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. විරෝධතාකරුවන් ජනපති මන්දිරය ද වටලා ඇති අතර එම පිරිස් විසරුවා හැරීමට හමුදාව යුද ටැංකි යොදවා ඇතැයි ද වාර්තා වේ. කලහකාරීන් ජනපති මන්දිරය වටලද්දී ජනපති මොර්සි ආරක්ෂිතව ඉන් පිටතට ගෙන යෑමට ආරක්ෂක අංශ සමත් වූ බවද වාර්තා විය. මේ අතර ජනපති ලෙස මොර්සි බලතල පවරා ගැනීමට විරෝධය පළ කරමින් එරට නීතීඥවරුද පසුගිය සතියේ වැඩවර්ජනයක ද නිරත වූහ. විනිසුරුවරුන් එක හඬින් කියා සිටින්න වූයේ ජනපති මොර්සිගේ නව රජය බලයෙන් ඉවත් විය යුතුයි කියාය. ඉකුත් වසරේදී දිගු කලක් ඊජිප්තුව පාලනය කළ ජනපති හොස්නි මුබාරක්ගේ පාලනය පෙරළා දැමීමට කටයුතු කළේ වත්මන් ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂයයි.



අදහස් (0)

ජනපති මොර්සිට එරෙහි කයිරෝ ගැටුම් උග‍්‍රවෙයි

මධූ Saturday, 08 December 2012 03:27 PM

තවත් ඒකාධිපතියෙක් (ස)

:       0       0

ජයන්ත Friday, 07 December 2012 04:35 PM

මොනවා වෙන්න යනවාද මන්දා (දී)

:       0       0

අජිත් Friday, 07 December 2012 04:53 PM

කයිරෝවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)

:       0       0

මාධව Friday, 07 December 2012 12:51 PM

කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site