
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
සාකච්ඡාවලින් අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට බයිඩන් සහ යූන් සුක් යූල් මාධ්‍ය හමුවකට එක් වූහ.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම්, ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානමින් සිටින බව එහිදී රාජ්‍ය නායකයෝ දෙදෙනා පැහැදිලි කළහ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ඇමෙරිකා බලා පැමිණියේ ජනාධිපති ආර්යාව ද සමඟය. ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන්ගෙන් දකුණු කොරියානු ජනාධිපති යුවලට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දකුණු කොරියානු ජනාධිපති සහ ආර්යාව වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති බයිඩන් කොරියන් ජනපති හමුවෙයි