IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජනපති ට්‍රම්ප් පුටින් අමතයි

රුසියන් යුක්රේන යුද්ධය නවත්වා සාම වැඩපිළිවෙළකට යෑම සම්බන්ධයෙන් තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවත්, යළිත් වරක් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කර බවත්, එම හමුව හංගේරියාවේ බුඩපෙස්ට් නුවරදී පැවැත්වෙනු ඇති බවත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටී. ට්‍රම්ප් පසුගිය අගෝස්තු මාසයේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවිය. ඒ, ඇමෙරිකාවට අයත් ග්‍රීන්ලන්තයේදීය. එහිදී ද රුසියන් යුක්රේන යුද්ධය නවත්වා, සාමයට යෑමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කළත් සාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත. 

ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේත්, යුක්රේනයට සහාය දක්වන බටහිර යුරෝපා රටවල් අතරේත් සාකච්ඡා පැවැත්වුණු නමුත් සාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත. රුසියාව, යුක්රේනයට එරෙහි ප්‍රාහර වැඩි කළේය. මෙය ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට පවා හේතුවක් විය.

ට්‍රම්ප් සහ පුටින් අතරේ ඊයේ එම දුරකතන කතාබහ පැවැතියේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවීමට සූදානම් වෙද්දීය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වොෂින්ටනයට පැමිණෙන්නේ ඇමෙරිකාවෙන් යුද ආධාර ලබා ගැනීමේ අරමුණින්ය. 

ඇමෙරිකාව යුක්රේන හමුදාවට ‘ටමහෝක්’ වර්ගයේ දිගු දුර මිසයිල ලබා දීමට සැරැසෙයි. තමන් එම ‘ටමහෝක්‘ මිසයිල යොදා ගනිමින් රුසියන් හමුදාවට ප්‍රහාර එල්ල කරනවා යැයි සෙලෙන්ස්කී, රුසියාවට අනතුරු ඇඟවීමක් ද කර ඇත.

ට්‍රම්ප් සහ පුටින් අතරේ දුරකතන කතාබහ සිදුවූයේ මෙවැනි තත්වයක් යටතේය. සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ‘ටමහෝක්’ මිසයිලවලින් පහර දෙනවා යැයි කී සැණින්, බිය වී, ට්‍රම්ප් සමඟ දුරකතන කතාබහක නියැලීමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කරන්න ඇති බවය. මේ සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.



අදහස් (0)

ජනපති ට්‍රම්ප් පුටින් අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site