IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ජෝ බයිඩන් අවසන් වරට ජර්මනියට

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, අවසන් වරට ජර්මනියේ බර්ලීන් අගනුවරට පැමිණියේය.

‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන්, ජර්මනියට ආ ඇමෙරිකන් ජනාධිපතිවරයාට ජර්මන් රජයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. බයිඩන් වෙනුවෙන් හමුදා උත්තමාචාර පැවැත්විණි.

ජර්මන් ජනාධිපති ෆ්රෑක් වෝල්ටර් ස්ටෙමිනේර් පැවැසුවේ ඇමෙරිකාවත් ජර්මනියත් අතර සබඳතා ශක්තිමත් කිරීමට බයිඩන් සමත් වූ බවය.

එලැඹෙන නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන අතර බයිඩන් ඊට ඉදිරිපත් නොවෙයි. ඒ අනුව, 81 හැවිරිදි  බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස ජර්මනියට පැමිණි අවසන් අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ජර්මනිය බලා යන අතරතුරේ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සිය එක්ස් ගිණුමේ සටහනක් පළ කරමින් පැවැසුවේ, මම ජර්මන් සංචාරයේ දී තමන් තම යුරෝපා බටහිර මිතුරන් සමඟ එක් වී, රුසියන් යුක්රේන යුද්ධයට සාර්ථක විසඳුමක් දීමට බලාපොරොත්තු වන බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජනපති ජෝ බයිඩන් අවසන් වරට ජර්මනියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 206 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site