IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය රටට හෙළිකරන්න

කියුබාවේ හවානා නුවරදී සැත්කමකට භාජන කෙරුණු වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්නැයි වෙනිසියුලානු ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය රජයට බල කර සිටී.
චාවේස් පිළිකා රෝගියකු බව හඳුනා ගැනුණේ ඉකුත් වසර මුලදීය. ඔහු ඉන්පසු අවස්ථා කිහිපයකදී කියුබාවට ගොස් ප‍්‍රතිකාර ලබා ගත්තේය.
මීට මාස කිහිපයකට පෙර පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජනවරමක් හිමි කර ගැනීමට සමත් වූ චාවේස් කියා සිටියේ පිළිකාව සමඟ සටන් කර ජය ගැනීමට තමන්ට හැකි වූ බවය. කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ඔහු යළි කියුබාවට ගියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ නිසාය.
මීළඟ ධුර කාලය සඳහා චාවේස් දිවුරුම් දීමට ඇත්තේ ලබන 10 වැනිදාය. විදෙස් පුවත් සේවා පවසන්නේ පසුගියදා සැත්කමට භාජන වූ චාවේස්ගේ තත්ත්වය බරපතළ බවය.
කෙසේ නමුත් වෙනිසියුලානු රජය පවසන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවය. චාවේස්ගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ගැන ජනතාවට හෙලි කරන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය රජයට බල කර සිටින්නේ එහෙයිනි.



අදහස් (0)

ජනපති චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය රටට හෙළිකරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site