තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් කුඩා දරුවන් විසිදෙනකුට සහ පුද්ගලයන් හය දෙනකුට ජීවිත අහිමි කළ ඛේදජනක සිද්ධිය වාර්තා වූ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප‍්‍රදේශයට ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඊයේ(16) පැමිණියේය.
ඉකුත් සිකුරාදා සිද්ධිය සැල වූ වහාම විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනපති ඔබාමා සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දෙමින් සිටින බවත් තුවක්කු භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගත යුතු කාලය එළඹ ඇති බවත්ය.
කනෙක්ටිකට් ප‍්‍රදේශයට පැමිණි ජනපති ඔබාමා සිද්ධියෙන් මියගිය කුඩා දරුවන්ගේ මාපියන් සහ ප‍්‍රදේශවාසීන් හමු විය.
සිය මව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ආයුද සන්නද්ධව සැන්ඩි හුක් ප‍්‍රාථමික පාසලට කඩා වැදුණු විසිහැවිරිදි ඇඩම් ලන්සා නමැති මෙම තුවක්කුකරු කළ වෙඩි තැබීමෙන් කුඩා දරුවෝ සහ පාසලේ විදුහල්පතිවරයා ද ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය ගියේ අවුරුදු 6ත් 7ත් අතර වයසේ පසු වූ කුඩා දරුවන්ය.
තුවක්කු කිහිපයක් අතැතිව පාසලට පැමිණ කළ වෙඩි තැබීමෙන් පසුව ඇඩම් ලන්සා සිය දිවි හානි කර ගත් බව නිව්ටවුන් පොලිසිය සඳහන් කරයි.
පාසලේ විදුහල්පති සහ මනෝවෛද්‍යවරිය ඇතුළු වෙඩි තැබීමෙන් මියගිය වැඩිහිටියන් හය දෙනාම කාන්තාවන් බව වාර්තා වේ.
මෙවැනි සාහසික කි‍්‍රයාවක් සඳහා ලන්සා පෙළඹවීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
සිද්ධියෙන් මියගිය දරුවන් ඇතුළු පිරිස සිහිපත් කිරීම පිණිස ප‍්‍රදේශවාසීහු රැසක් සැන්ඞ් හූක් පාසල අසලට පෙරේදා පැමිණ සිටියහ. තුවක්කුකරුවන්ගෙන් දරුවන් බේරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී මියගිය විසිහත් හැවිරිදි වික්ටෝරියා සෝටෝ නමැති ගුරුවරිය මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිණි.
‘‘මියගිය අයගෙන් බොහොමයක් සුන්දර කුඩා දරුවන්. උපන්දින, උපාධි උත්සව, විවාහ උත්සව වැනි ජීවිතයේ වැදගත් අවස්ථා විඳ ගැනීමට පෙර ඔවුනට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා.’’ යනුවෙන් සිද්ධියෙන් කම්පනයට පත් ජනපති ඔබාමා පැවැසීය.
මෙම සිදුවීමත් සමඟ තුවක්කු භාවිතය පිළිබඳ නව නීති හඳුන්වාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ ආන්දෝලනාත්මක තත්ත්වක් මතුව තිබේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය කියා සිටියේ වහාම මේ පිළිබඳව අවධානය යොමු කරන බවයි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපති ඔබාමා සිසුන් ඝාතනය වූ පාසලට යයි
උද්ධික Monday, 17 December 2012 11:13 PM
දැන් ළමයිට පන එයි (දී)
අජිත් Monday, 17 December 2012 11:46 AM
කවුරු කොහොම කිව්වත් මොහු ආදර්ශමත් නායකයෙක් (ස)
ඉර්ෆාන් ධර්මා Monday, 17 December 2012 12:26 PM
ඇමෙරිකාවේ තුවක්කු භාවිතකරන්නේ සෙල්ලම් බඩු ගානට, මම ඇමෙරිකාවේ ඉන්න නිසා දන්නවා , මෙහෙ පත්තරවල මාසෙකට සැරයක් තුවක්කු මිලගණන් දාපු දැන්වීම් එනවා, ඩොලර් 150 ඉදල ඉහලට තියෙන මේ තුවක්කු ඕනෙම කෙනෙක්ට මිලදීගන්න පුළුවන්, පොලිසියේ පවා ප්‍රසිද්ද වෙන්දේසි තියෙනවා ඕනෑම කෙනෙක්ට මිලදීගන්න, වයස 18 වීම විතරයි එකම සුදුසුකම, මේවගේ පාසල් ළමුන් ඝාතනය කිරීමක් උණු පළමු වතාව මේක නෙමෙයි , සිසුන් අතරේ පොඩි රණ්ඩුවක් උනත් අනිත් දවසේ තාත්තගේ තුවක්කුව අරන් ඇවිත් හතර අතේ වෙඩි තියාගන්නවා, (ස)
ජයී තිසර Monday, 17 December 2012 05:14 PM
තම නිදහස රකින්නට අවි බලේ යොදා ඉඩ දී තිබේ නීතිය මුළු රටම හදා අවි ගත්තෝ නැසේ අවියෙන් කියා එදා කිතු ධර්මයේ පවසා ඇත සිතනු හොඳා (නි)
මාලා Tuesday, 18 December 2012 03:32 AM
ඉර්ෆාන්, තුවක්කු නීතිවිරෝධී මෙහේ අපරාධ මෙච්චර වෙද්දී, තුවක්කු නීත්‍යානුකූල කළොත් කොහොමට තියෙයිද? (නි)
සමන් Monday, 17 December 2012 05:51 PM
ඔබාමාගේ ශෝක ජනක මුහුණ (දී)
චන්ද්‍රා Monday, 17 December 2012 01:08 PM
ඔබාමා හොද නායකයෙක්. (නි)
සරත් Wednesday, 19 December 2012 09:08 AM
මේවා තමයි ලෝක විනාසේ කියන්නේ (දී)
දයා-සවුදි Monday, 17 December 2012 06:00 PM
මීට පෙරත් ඇමරිකාවේ පාසලක මෙවැනිම වෙඩි තැබීමත් සිදුවුණා නේද? (නි)
සරත් Wednesday, 19 December 2012 09:15 AM
ඒව හොද වැඩ (දී)
සුනිල් Monday, 17 December 2012 06:10 PM
කනගාටුයි .... (දී)
බණ්ඩාර Monday, 17 December 2012 01:24 PM
ලංකාව ඔය වගේද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ශාමා Tuesday, 18 December 2012 03:32 PM
ඇඩෙනවා තනි ඇහැට (ස)
මුතුකුඩ Tuesday, 18 December 2012 09:15 PM
පලස්තීනයේත් ළමයි මැරණා නොවේද? ඒ ගැන සිතීම අප කාගේත් වගකීමක්. (නි)
නුවන් Monday, 17 December 2012 02:06 PM
වටිනා වැඩක්
රනාඩෝ Monday, 17 December 2012 07:23 PM
බලන්න නොගිහින් කොහොමද (දී)
ශාන් Tuesday, 18 December 2012 09:22 AM
අසරණ ළමයි. මම බුද්ධාගමේ, කොහොම වෙතත් ඔබට නිවන් සුව (දී)
උපාලි Tuesday, 18 December 2012 09:52 PM
මේ ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්ස ඔය වගේ පොඩි එවුන් මරණකොට ඔයගොල්ලේ සෝකය පළකරලා නීවේදනය කළත් ඒවා නැහැ (අ)
කල්පගේ Wednesday, 19 December 2012 10:55 AM
මෙයාගේ කිඹුල් කදුළු (දී)
රාජේන්ද්‍රන් Tuesday, 18 December 2012 11:00 AM
අපේ රටෙත් මේ වගේ කෙනෙක් හිටියනම් කොපමණ හොදද? මගේ වීරයා ඔබාමා..!(නු)
මුතු Monday, 17 December 2012 08:55 PM
ඔබටයි මේ කියන්නේ ඇත්තටම ඔබට දරු දුක දැනෙනවාද? පලස්තීනයේ වගේම ඔබලා බෝමිබ හෙලු හැම රටකම කුඩා දරුවන් අමු අමුවේ ඝාතනය වුවා ඒ දෙමාපියන්ටත් තිබුණේ මේ දරු දුකම තමයි ඒ විපාක දැන් ඔබ රටතුලින්ම ඔප් නැන්වෙනවා නොවේද? ඔබ ඇත්තටම හදවතින් දුක්වන්න ඒවිට සියල්ල දක්නා දෙවිදුන් ඔබ ගේ හදවත පාරිශ්‍රද්ධත්වයට පත්කරන්නේය (ස)
මොරිල් Monday, 17 December 2012 10:53 AM
ඇමරිකාවේ ඉන්නේ බොහෝමයක් ත්‍රස්ථවාදීන් (ස)
ද සිල්වා Tuesday, 18 December 2012 05:14 PM
තුවක්කු භාවිතය සිවිල් වැසියන්ට තහනම් කරන්න. දැන් අඩලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
ශාන් Tuesday, 18 December 2012 05:35 PM
ඒ රටෙන් විකිණූ අවිආයුධ වලින් අනෙක් රටවල කොච්චර ළමයින් මැරෙන්න ඇද්ද? කොච්චර දෙමවුපියන් අඩන්න ඇද්ද? ඒවා ඔහුට නොපෙනුනාද? (නි)