ඊ මේල් පණිවුඩ යවමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට මරණ තර්ජන එල්ල කළ තරුණයකු ගිනි අවි ද සමඟ කිහිපයක් සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ නිලධාරීහු පෙරේදා (21) සමත් වූහ. ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක් වී එම ඊ මේල් පණිවුඩ පරීක්ෂා කර, ඒවා එවූ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූයේ තිස් එක් හැවිරිදි ඇන්ටන් කොලෝරී නමැති අයකු යැයි පොලිසිය පවසයි. කොලෝරී, වොෂින්ටන් නුවර නිවාස සංකීර්ණයක පදිංචිකරුවෙකි. ඔහු ගැන තොරතුරු ලැබුණු විගස ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඔහුගේ නවාතැනට කඩා වැදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක නිලධාරීන් නවාතැනට කඩා වැදීමට පෙර දොරට තට්ටු කළ අවස්ථාවේදී කොලෝරී දොර අසලට පැමිණ ඇත්තේ ගිනි අවියක් ද අතැතිවය. එහෙත් දොර කඩාගෙන ඇතුළට කඩා වැදුණු පොලිස් නිලධාරීන්ට ඔහු නිරුපද්‍රිතව ග‍්‍රහණයට ගැනීමට හැකි වී ඇත. නවාතැන සෝදිසි කළ පොලිස් නිලධාරීන්ට ගිනි අවි කිහිපයක් හමුවූ අතර කොලෝරී, ගැන දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ඔබාමාට මරණ තර්ජන එල්ල කළ තරුණයා කොටුවෙයි
අමිල කටුනායක Thursday, 23 August 2012 12:36 PM
පිස්සු මනුස්සයෙක් වෙන්න ඇති. (නි)
මධු Thursday, 23 August 2012 05:19 PM
හොද වැඩේ. (නි)