IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනපතිට එරෙහි චෝදනා ඉවත් කරගන්නැයි ස්විට්සර්ලන්ත බලධාරීන්ට ලිපියක් යවනවා

පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජය පාකිස්තානයෙන් කරන ඉල්ලීම ඉවත් කර ගන්නැයි තමන් ස්විට්සර්ලන්ත බලධාරීන්ට ලිපියක් මගින් දැනුම් දීමට සූදානම් යැයි පාකිස්තාන නව අගමැති රාජා පර්වේස් අෂ්රෝෆ් ඊයේ (18) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී කියා සිටියේය. රජයේ සහාය ඇතිව එම ලිපිය සකස් කරන බවත් එය කඩිනමින් ස්විට්සර්ලන්ත බලධාරීන්ට යැවීමට කටයුතු කරන බවත් අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය. විනිසුරු අසීෆ් සහීඞ් කෝසා කියා සිටියේ ජනපති අසීෆ් අලී සර්දාරි සම්බන්ධ අර්බුදය කඩිනමින් විසඳා ගත යුතු බවය. ස්විට්සර්ලන්ත බලධාරීන්ට යැවීමට සූදානම් එම ලිපිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළ අතර අධිකරණයේ කටයුතු ලබන 25 වැනිදාට කල් දැමුණි. අගමැති අෂ්රෝෆ්ට පෙර එම ධුරයේ කටයුතු කළ රාසා ගිලානිට අගමැති ධුරය අහිමි වූයේ, ජනපති සර්දාරිට එරෙහිව ස්විට්සර්ලන්ත රජය කරන චෝදනා සම්බන්ධයෙන් නිහඬව සිටීම මගින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි යන චෝදනාවට වරදකරු වීමෙනි. ජනපති සර්දාරි සම්බන්ධයෙන් හටගෙන ඇති එම අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දීමට අගමැති අෂ්රෝෆ්ට නොහැකි වුවහොත් ගිලානිට සිදුවූවාක් මෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවට වරදකරු වී අගමැති ධුරය අහිමි වනු ඇත.



අදහස් (0)

ජනපතිට එරෙහි චෝදනා ඉවත් කරගන්නැයි ස්විට්සර්ලන්ත බලධාරීන්ට ලිපියක් යවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 708 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17895 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site