IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනාධිපතිවරණයේදී පුටින් එක්ක තරග කරන්න ධන කුවේරයෙක්

ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව රුසියාවේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරියෙක් වන මිහායිල් ප්‍රොකෝරෝව් පවසයි.දූෂිත මැතිවරණයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී ජනතා අප‍්‍රසාදයට පත්ව සිටින රුසියා අගමැති ව්ලැඩිමීර් පුටින්ට අභියෝග කිරීමට ප්‍රොකෝරෝව්ට හැකියාව ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.ඉකුත් 4 වැනිදා රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දූෂිත බවට රුසියානු වැසියෝ චෝදනා කරති. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ ජනාධිපති මෙඞ්වදේව් සහ අගමැති ව්ලැඩිමීර් පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ද එක්සත් රුසියා පක්ෂයට බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි විය.එම මැතිවරණය පැවැත්වූයේ ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන රුසියා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුටින්ගේ සහ ‘එක්සත් රුසියා’ පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමක් හැටියටය.මහ මැතිවරණය දූෂිතැයි එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් චෝදනා කිරීමත් සමඟ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට රුසියා ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව් තීරණය කරඇත.



අදහස් (0)

ජනාධිපතිවරණයේදී පුටින් එක්ක තරග කරන්න ධන කුවේරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site