IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනතා හිතවාදී ආර්ථිකයක් ඇති කරන්නයි මට ඕනෑ

තමන්ට අවශ්‍ය ජනතා හිතවාදී ආර්ථිකයක් ඇති කිරීමට යැයි ඕස්ටේ්‍රලියා නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඕස්ටේ්‍රලියාවේ ඒ.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන් ඕස්ටේ්‍රලියාව ආර්ථික වශයෙන් අර්බුද රැසකින් පීඩා විඳී. උද්ධමනය සියයට 3.7 කින් ඉහළ ගොස් තිබේ. ඇල්බනීස් ප්‍රමුඛ ඔහුගේ පක්ෂය පසුගිය 21 වැනිදා පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේ ජනතා සහන ලබා දීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව පෙන්වා දෙමිනි.

නව අග්‍රාමාත්‍යවරයා ඒ.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවට එක් වූයේ විදෙස් සංචාරය අවසන් කර යළි ඕස්ටේ්‍රලියාවට පැමිණ රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

පසුගිය සති අන්තයේ ‘ක්වඩ්’ හෙවත් ‘හතර දෙනාගේ සමුළුව’ ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැත්විණි. ‘ක්වඩ්’ සාමාජික රටවල් වන්නේ ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාවය.

ඇන්තනි ඇල්බනීස්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ඕස්ටේ්‍රලියාවේ විපක්ෂය වූ කම්කරු පක්ෂයට පසුගිය සති අන්තයේ පැවැති මහ මැතිවරණයෙන් ජය හිමිවීමත් සමඟය.

මැතිවරණයෙන් ජය ලබා අග්‍රාමාත්‍ය ධුරය බාර ගත් සැණින්, පසුගිය 23 වැනිදා ඇන්තනි ඇල්බනීස්, ටෝකියෝ සමුළුවට සහභාගී වීමට පිටත්ව ගියේය. නව අග්‍රාමාත්‍යවරයා රටේ අභ්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කළේ ජපාන සංචාරය අවසන් කර ආපසු පැමිණීමෙන් පසුවය.

(රොයිටර්)



අදහස් (0)

ජනතා හිතවාදී ආර්ථිකයක් ඇති කරන්නයි මට ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 542 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site