IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජංගම දුරකථනයෙන් හානියක් නැතැයි කියති

ජංගම දුරකතන පාවිච්චිය සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති වීමට හේතුවක් නොවන බව එකොලොස් වසරක් තිස්සේ කරණ ලද පර්යේෂණ මගින් සනාථ වී ඇතැයි එංගලන්තයේ විශාලතම පර්යේෂණ වැඩසටහන වන ජංගම සංනිවේදනය සහ සෞඛ්‍ය පර්යේෂණ වැඩසටහන මගින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. පවුම් මිලියන 13.6 ක් වැයවූ මෙම පර්යේෂණය සඳහා එක්සත් රාජධානියේ රජය සහ විදුලි සංදේශ කර්මාන්තය මගින් අරමුදල් සපයා තිබිණි. මෙම පර්යේෂණය මගින් සොයාබලා ඇත්තේ ජංගම දුරකතන තාක්ෂණය සෞඛ්‍ය ගැටළුවලට හේතුවක් වන්නේ ද යන්නයි.

ගර්භනි සමයේ දී ජංගම දුරකතනවල විමෝචනයට නිරාවරණය වීමෙන් උපදින ළදරුවන් කුඩාකාලයේ ලේ පිළිකාවලට ගොදුරුවීමේ අවධානමක්ද ඇතැයි පැවති මතය දුර්මතයක් බව ද මේ පර්යේෂණය මගින් පෙන්වා දි ඇත.

පර්යේෂණයේ ප්‍රධානි මහාචාර්ය ඩේවිඩ් කෝගන් පවසන්නේ මෙම පර්යේෂණය මුලින් ආරම්භකරණ විට ජංගම දුරකතන සහ ඊට සම්බන්ධ තාක්ෂණය මගින් විය හැකි සෞඛ්‍ය ගැටළු රාශියක්  ගැන විද්‍යාත්මක  අවිනිශ්චිතතා මතුවී තිබු බවයි.

'' මෙය ස්වාධීන පරීක්ෂණයක්. දැන් එය අවසන්ව තිබෙනවා. මේ දීර්ඝ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පෙනී යනවා ජංගම දුරකථනයේ ගුවන්විදුලි තරංග හේතුවෙන් හෝ එවා සම්බන්ධ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන මගින් කිසිමි සෞඛ්‍ය ගැටළුවක් ඇතිවන්නේ නැහැ. මේ ප්‍රතිඵල අනුව නූතන සන්නිවේදන ක්‍රම සම්බන්ධයෙන් පැහැදිලි විශ්වාසයක් ගොඩනගා ගත හැකියි. "

 

 

 

 

 

 

 



අදහස් (0)

ජංගම දුරකථනයෙන් හානියක් නැතැයි කියති

වෙනුර Wednesday, 26 February 2014 11:09 PM

අනේ ඇත්තට ලෝකය නම් කැරකෙන හැටී නේද අනේ (අ)

:       0       0

ජයතිලක Wednesday, 26 February 2014 10:58 AM

අනේ මන්දන්නැ එක එක්කෙනා එක එක කතා, කාලයෙන් කාලයට කියනවා. මම ඉන්න රටේ රූපවාහිනියෙන් පෙන්නුවා ජංගම දුරකථන පාවිච්චි කරන්නන්ට පිළිකා සැදීමට ඇති අවස්ථා වැඩියි කියලා .කවුද හරි ?(දී)

:       0       0

අසෝකා Wednesday, 26 February 2014 02:07 PM

අනේ මන්දා , මේ ගොල්ලෝ කියනවා අපි අහනවා.(දිල්)

:       0       0

කුමාරන Wednesday, 26 February 2014 09:12 PM

ටෙලිෆෝන් කොම්පැනියකින් බරටම තෑගි ලැබෙන්නැති ඔය වාර්තාවට (දී)

:       0       0

පානි Thursday, 27 February 2014 03:44 PM

අරයත් කියන එක අහල, මෙයත් කියන එක අහල, මේ ලෝකේ හොයා බැලිල්ලක් නැතුව ගොන් කතා කියනවට වඩා නරකද පොඩ්ඩක් හොයල බැලුවොත්? ස්වාධින බුද්ධියක් මටත් තියෙනවා කියල දැන්වත් හිතමුද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site