IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජගත් මහ සමුළුවේ වැඩි අවධානය සිරියාවට - ඉරානයට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ලෝක නායකයන්ගේ අවධානය යොමු විය. සමුළුවට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණ සිටි ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් කියා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවය. ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ඉරානයට පහර දීමට සැරැසීම පැහැදිලිවම අන්තර් ජාතික නීති උල්ලංඝනය කිරීමක් යැයි ජනපතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට සූදානමින් සිටි ඉරාන ඇමැතිවරුන් දෙදෙනකු ඇතුළු එරට නියෝජිතයන් 20 දෙනකුට ඇමෙරිකාවට පැමිණීමට වීසා ලබා නොදීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි ද වාර්තා විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යෑමට ඉරාන නියෝජිතයන් 160 දෙනකු ඇමෙරිකාවෙන් වීසා ඉල්ලා ඇති නමුත් 20 දෙනකුට වීසා ලබා නොදීමට ඇමෙරිකාව තීරණය කර ඇති බව අනාවරණය කළේ ඉරානයේ ෆාර්ස් පුවත් සේවයයි. ඉරාන නියෝජිතයන් 20 දෙනාගේ වීසා ප‍්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිදු ප‍්‍රකාශයක් කර නැත. කෙසේ නමුත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් ඇමෙරිකාව පැනැවූ සම්බාධක හේතුවෙන් බොහෝ ඉරාන නියෝජිතයන්ට සහ මැති ඇමැතිවරුන්ට ගුවන් ගමන් තහනම් වී ඇත. ඒ අනුව එම නියෝජිතයන් 20 දෙනාට වීසා දීම ඇමෙරිකාව ප‍්‍රතික්ෂේප කරන්න ඇතැයි ඉරානයේ ෆාර්ස් පුවත් සේවය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර සිරියාවේ අර්බුදය විසඳීමට පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමී පෙරේදා (24* ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැුස්කර සිරියා අර්බුදය ගැන සාකච්ඡුා පැවැත්වීය. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය හේතුවෙන් මේ වනවිට 27,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටින බව හෙතෙම එම අවස්ථාවේදී අවධාරණය කළේය. සිරියානු ජනාධිපති අසාද් බලයේ රැඳී සිටින තාක් කල් සිරියානු අර්බුදය විසඳීමට නොහැකි බව මේ වනවිට පෙනී ගොස් ඇති බව අවධාරණය කළ බ‍්‍රහීමි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට රැස්වන ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට ලෝක ප‍්‍රජාව එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බවය.



අදහස් (0)

ජගත් මහ සමුළුවේ වැඩි අවධානය සිරියාවට - ඉරානයට

අමිල කටුනායක Wednesday, 26 September 2012 07:16 PM

මහ බලවතුන් සිරියාව විනාශ කර ඉරානය තවත් ඉරාකයක් කරන්න හදනවා. (නි)

:       0       0

රිස්මි Thursday, 27 September 2012 11:22 PM

ඔවු මධූ, ඔයාට මොළයක් තියෙනවනේ. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 28 September 2012 01:29 AM

මුස්ලිම්වරුන්ට මුලු ලෝකයම බයවෙලා. (නි)

:       0       0

මධු Wednesday, 26 September 2012 10:17 PM

ඒකාධිපතියන්ව පන්නා දැමිය යුතුයි. (නි)

:       0       0

රැන්ඩි Saturday, 29 September 2012 02:57 PM

අනේ ඔවු. මුස්ලිම් කට්ටියට මුලු ලෝකයම බයයි. පවු. හිතන් ඉන්න තරම තමයි. (නි)

:       0       0

මධූ Wednesday, 26 September 2012 05:09 PM

තෙල් වලින් සල්ලි තිබුණට මොලේ කලඳක් නෑ ව‍ගේ‍‍.(ස)

:       0       0

නිමල් Saturday, 29 September 2012 02:29 AM

"මුස්ලිම්වරුන්ට මුලු ලෝකයම බයවෙලා." පුහ්හ්.... බය වෙන්නේ මොකෝ? බය නෙමේ අන්තිමයි. නාන්නේ නැහැ. දත් මදින්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site