IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජගත් මහ ලේකම් යුක්රේනයට

රුසියන් සංචාරය අවසන් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.

ජගත් මහ ලේකම්වරයා රුසියාවට ගියේත්, ඉන්පසු යුක්රේනයට පැමිණියේත් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

කෙසේ නමුත්, ජගත් මහ ලේකම්වරයා පළමුවෙන් රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සිය අප්‍රසාදය පළ කර තිබුණි.

එසේ වුවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇතුළු යුක්රේන රජයෙන් ජගත් මහ ලේකම්වරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

තමන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණි බව මහ ලේකම්වරයා නිවේදනය කළේ ට්විටර් පණිවුඩයක් මගිනි.

'මොස්කව් සංචාරය අවසන් කිරීමෙන් පසු මා යුක්රේනයට පැමිණියා. රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේන නගරවල සිරවී සිටින අසරණ සිවිල් වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම අප දිගටම සිදු කරනවා. මේ යුද්ධය ඉක්මනින් අවසන් වෙන්න ඕනෑ. රුසියාවේ යහපත වෙනුවෙන් යුක්රේනයේ යහපත වෙනුවෙන් පමණක් නොව; මුළු ලෝකයේම යහපත වෙනුවෙන් යුද්ධය අවසන් වෙන්න ඕනෑ' යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

ජගත් මහ ලේකම්වරයා රුසියාවේ මොස්කව් නුවරට යෑමට පෙර තුර්කියේ අන්කාරා අගනුවර බලා ගියේය. ඒ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය පිළිබ‍ඳ සාකච්ඡා කිරීමටය. නේටෝ සාමාජිකයකු වන තුර්කිය රුසියාවේ මිතුරකු වන අතර, රුසියන් යුක්රේන අර්බුදය සාමකාමී විසඳා ගැනීමට මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ ද තුර්කියයි.

තුර්කි සංචාරය අවසන් කරමින් මොස්කව් බලා පැමිණි ගුටරේස් පිළිගනු ලැබුවේ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් විසිනි. ජගත් මහ ලේකම් ගුටරේස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පැවැත්වීම ඉන්පසු සිදුවිය.

(රොයිටර්)



අදහස් (0)

ජගත් මහ ලේකම් යුක්රේනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site