
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට සුදානමින් සිටීම සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අතර, එහිදී ඇමෙරිකන් සහ රුසියන් නියෝජිතයන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල්, රුසියාව සහ යුක්රේනය මුල්කොට ගනිමින් නිර්මාණය වූ අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු පළමු අවස්ථාව මෙයයි.
රුසියාව සහ යුක්රේනය මුල්කොට ගනිමින් දිනෙන් දින ඔඩුදුවන අර්බුදය ගැන ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසියක් පැවැත්විය යුතු යැයි යෝජනා කර තිබුණේ ද ඇමෙරිකාවය.
සමුළුවට සහභාගී වුණු ඇමෙරිකන් තානාපතිනී ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් දිගින් දිගටම රුසියාවට චෝදනා නගන්න වූයේ රුසියන් හමුදා යුක්රේන දේශසීමාවේ යුද්ධකයට සූදානමින් සිටින බවය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියාවට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව තව තවත් සම්බාධක පනවන බවටත් ඇමෙරිකන් තානාපතිනිය තර්ජනය කළාය.
යුක්රේනය වටා ඇති රුසියන් හිතවාදී රටවල් වන්නේ බෙලරූසය සහ මෝල්ඩෝවාය. මෙම රටවල යුක්රේන දේශසීමාවල ද මේ වනවිට රුසියන් හමුදා බළඇණි රැඳී සිටින බව ඇමෙරිකන් තානාපතිනී ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පෙන්වා දුන්නාය.
සමුළුවට එක් වෙමින්, ඇමෙරිකාව එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දැක්වූයේ රුසියන් තානාපති වැසිලි නෙබෙන්සාය.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකාව චෝදනා කරන්නේ කිසිදු ප්‍රබල සාක්ෂියක් නොමැතිව යැයි ඔහු පෙන්වා දුන්නේය.
රුසියාවට යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු අවශ්‍ය නැතැයි ද රුසියන් රජය වෙනුවෙන් යළි යළිත් තානාපති වැසිලි නෙබෙන්සා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2286
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජගත් ආරක්ෂක මණ්ඩලයේ ගාලගොට්ටියක්