IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජගත් ආරක්ෂක මණ්ඩලය අසමත් - මහ ලේකම් ගුටරේස්

රුසියන් යුක්රේන අර්බුදයේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් දැඩි කනස්සල්ලෙන් පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, යුක්රේනයේ කීව් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම මාධ්‍ය හමුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී විය. මාධ්‍ය හමුව පැවැත්වූයේ කීව් අගනුවරට රුසියන් රොකට් ප්‍රහාරය එල්ල වීමෙන් පසුවය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනයයි. ලෝකයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමේ ප්‍රධාන අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිහිටුවා ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන්නේ රුසියාවය.

යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් ගැනීම සම්බන්ධයෙන්, ආරක්ෂක මණ්ඩලය රුසියාවට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට උත්සාහ කළත්, රුසියාව නිෂේධ බලය භාවිතයට ගනිමින් ඊට විරෝධය දැක්වීය.

ඒ අනුව, යුක්රේනයේ යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වීම සම්බන්ධයෙන් ජගත් මහ ලේකම් ගුටරේස් මාධ්‍ය හමුවේ දී සිය කනගාටුව පළ කළේය.

‘මා පැහැදිලිව කියන්න ඕනෑ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත්. යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් අසමත්. පවතින යුද ගැටුම් අවසන් කර ගැනීමට නොහැකි වීම නිසාත් ඔවුන් අසමත්. කළ හැකි හැමදේම කරමින් යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ඔවුන් කළ යුතු වුණා. ඒත් එහෙම වුණේ නැහැ. රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත්.” යැයි මහ ලේකම්වරයා අවධාරණය කළේය.

(රොයිටර්)



අදහස් (0)

ජගත් ආරක්ෂක මණ්ඩලය අසමත් - මහ ලේකම් ගුටරේස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site