IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි

පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපයක් ගෙන ඇති බැවින්, ප්‍රතිඵල නිකුත් කිරීමට දින කීපයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා තිබේ.

2022 වසරේ, දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙපරා දැමූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂය ද දැඩි මර්දනයට ලක් වී ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී කැපී පෙනෙන ප්‍රධාන පක්ෂ බවට පත් වූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.

පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන්නේ, යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂා කරන, හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි නවාස් ෂරීෆ්ය. 2008 වසරෙන් පසු ජනවරමක් හිමිකර ගැනීමට අපොහොසත් වූ පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝය.

දේශපාලන පරිනතභාවයක් නොමැති බැවින්, නවාස් ෂරිෆ්ට අභියෝග කිරීමට බිලාවල් බූතෝ ට නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසය. පාකිස්තාන හමුදාව එරට දේශපාලනය හා බැඳී පවතින අතර, හමුදාවේ වැඩි මනාපය හිමිවී ඇත්තේ ද නවාස් ෂරීෆ්ට බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 85 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site