IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඡන්දෙන් දිනුවොත් රුසියාව සමඟ න්‍යෂ්ටික අවිහරණ පුළුල් කරනවා

නොවැම්බරයේදී පැවැත්වෙන ජනපතිවරණයේදී පසු තමන්ට යළි බලය හිමි වුණොත්, රුසියාව සමඟ එක් වී න්‍යෂ්ටික අවිහරණ කටයුතු වඩාත් පුළුල් අයුරින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා රුසියා ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව්ට පෙරේදා (26) පැවැසුවේය. සෝල් නුවර න්‍යෂ්ටික සමුළුව අතරතුරේ, ජනපති ඔමාබා සහ දිමිති‍්‍ර මෙඞ්වදේව් අතර එම කතාබහ සිදු වූයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට පෙරය. එහෙත් ජනපතිවරුන් දෙදෙනා නොදැන සිටිය ද මාධ්‍ය හමුවට පෙර ඔවුන් දෙදෙනා අතර පැවැති දෙබස මාධ්‍යවේදීන්ගේ කැමරාවල සහ මයික‍්‍රෆෝනවල සටහන් වී තිබුණි. ”මේ මාගේ අවසන් ඡන්දයයි. ඡන්දයෙන් මා දිනුවොත් මට පුළුවන් නිදහසේ කටයුතු කරන්න” ජනපති ඔබාමා, රුසියානු ජනපති මෙඞ්වදේව්ට පැවැසීය. ”මට ඔබේ තත්ත්වය තේරෙනවා. මා ඒ බව ව්ලැඩිමීර්ට දන්වන්නම්” යැයි මෙඞ්වදේව් පිළිතුරු දුන්නේය. රුසියානු ජනපති මෙඞ්වදේව් ජනපති ධුරයට සමු දීමට සූදානමින් සිටින අතර මීළඟට රුසියාවේ ජනපති ධුරයට පත් වන්නේ පසුගිය දා පැවැති ජනපතිවරණයෙන් ජය ගත් ව්ලැඩිමීර් පුටින්ය. ජනපතිවරුන් දෙදෙනාගේ මෙම දෙබස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ වේ යැයි ඔවුන් නොසිතූ නමුත් ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවය ඊයේ (27) එය ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගත්තේය. ඇමෙරිකා දේශපාලන විචාරකයන් පවසන්නේ නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින ඔබාමා ලොකු පීඩනයකින් සිටින බවත්, ජයග‍්‍රහණය කිරීමට හැකි වේ යන්න ගැන ඔහු අවිනිශ්චතායකින් පෙළෙන බවත්ය.



අදහස් (0)

ඡන්දෙන් දිනුවොත් රුසියාව සමඟ න්‍යෂ්ටික අවිහරණ පුළුල් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site