IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චාවේස්ට අවසන් බුහුමන් දක්වන්න ලක්ෂ ගණනින් කැරකස් නුවරට

වෙනිසියුලාවේ කැරකස් අගනුවර හමුදා ඇකඩමියේ තබා ඇති ජනාධිපති හියුගෝ චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (07) ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියහ. ඒ අතර රාජ්‍ය නායකයෝ බොහෝ දෙනෙක් ද වූහ.
චාවේස්ගේ අවසන් කටයුතු රාජ්‍ය සහ හමුදා ගෞරව සහිතව අද (08) පැවැත්වෙන බව එරට උප ජනපති  නිකලස් මදුරෝ පවසා ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ සත් දින ශෝක කාලයක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. ජනතාවාදී අසහාය නායකයකු වන චාවේස්ගේ අභාවය හේතුවෙන් සෙසු ලතින් ඇමෙරිකා රටවලට ද ශෝක දින ප‍්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.
ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන් වන ඊවෝ මොරාලේස්, කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඩස් පමණක් නොව චාවේස්ගේ සමීපතමයකු වන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ද චාවේස්ට අවසන් ගෞරව දැක්වීමට වෙනිසියුලාවට පැමිණියහ.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට රැුගෙන ආ පසු චාවේස්, මියගිය බව වෙනිසියුලා රජය නිවේදනය කළේ ඉකුත් පස් වැනිදා සවසය. කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට රැුගෙන ආවේ ඉකුත් 18 වැනිදාය. ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවිය.
චාවේස් කොන්ද කෙළින් තබාගෙන ඇමෙරිකාවට අභියෝග කළ නායකයකු බවත් ඔහු වැනි විප්ලකාරියකු යළි පහළ නොවනු ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇමෙරිකා මාධ්‍ය පවා චාවේස් උදාර නායකයකු බව පෙන්වා දී තිබුණි.



අදහස් (0)

චාවේස්ට අවසන් බුහුමන් දක්වන්න ලක්ෂ ගණනින් කැරකස් නුවරට

සන්ක Saturday, 09 March 2013 11:20 AM

ඒකට අපේ සහෝදරයෝ (ස)

:       0       0

රීටා Friday, 08 March 2013 12:05 PM

ඔබ ලබන ආත්මේ ලංකාවේ උපදීවා (ස)

:       0       0

රූපා Friday, 08 March 2013 08:12 PM

බටහිර විරෝධී හා දේශප්‍රේමීන්ට මෙතුමා හොඳ ආදර්ශයක් (ස)

:       0       0

මාලා Friday, 08 March 2013 08:17 PM

දේශප්‍රේමී විලසින් සිටින වෘකයින්ට මෙන්න ආදර්ශයට ගන්න නියම නායකයෙක්. (නි)

:       0       0

අනිල් Friday, 08 March 2013 08:31 PM

චාවේස් සහෝදරයාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සම්පත් Friday, 08 March 2013 02:10 PM

අති ශ්‍රේෂ්ඨ නායකයාට ශ්‍රී ලංකා ජාතියේ උපහාරය...! ඔබ වැනි නායකයෙක් ලංකාවෙත් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...! (ස)

:       0       0

රජීන්ද්‍ර Friday, 08 March 2013 02:15 PM

රීටාගේ ප්‍රකාශයට මමත් සම්පූර්ණයෙන්ම එකගයි. (නි)

:       0       0

ජයී තිසර Friday, 08 March 2013 10:39 PM

ලෝකයේ බිහිවූ එක් උත්තම ලෝක වාසියෙක් මුළු ලොවටම නැති විය. වෙනිසියුලාවේ ලක්ෂ ගණන් ජනතාව පමණක් නොව බොහෝ රටවල විශාල ජනතාවක් වෙනිසියුලාව සමග අද ජනාධිපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් දුක් වෙති. වෙනිසියුලා ජාතිකයින්ට ජනාධිපති හියුගෝ චාවේස් වෙනුවෙන් කළ හැකි ලොකුම ගෞරවය නම් ඔහු ගෙන ගිය මාර්ගයෙන් අනාගතයෙත් රට නඟාසිටුවීමට හැකි සෑම උත්සාහයක් දැරීමය. ජනාධිපති හියුගෝ චාවේස් වැනි නායකයෝ අනාගතයෙත් ලෝකයේ බිහි වේවා!(නදී)

:       0       0

නිෂාද් Friday, 08 March 2013 02:54 PM

කොන්ද කෙලින් තියාගෙන කථාකරන බොහොම එඩිතර, නිර්භීත නායකයෙක්... රටවැසියන්ට බෙහෙවින් ආදරය කළ නායකයෙක් බව මේ ඡායාරූපයෙන්ම සාක්ෂි දරයි.. එතුමන්ට මොක් සුව පතමි.. !(ස)

:       0       0

සෙනවි Saturday, 09 March 2013 12:07 AM

වාසනාවට එවැනි නායකයෙක් ලැබුනේ. (නදී)

:       0       0

සුබෝධි හිමි Saturday, 09 March 2013 12:10 AM

මෙතුමා කොන්ද කෙලින් තියාගෙන ඇමරිකාවට විරුද්ද වුනා පමනක් නොවේ. තෙල් සම්පත හොරකන් නොකරපු සැබෑ නායකයෙක්.(නදී)

:       0       0

තිසල් Friday, 08 March 2013 03:59 PM

බටහිර ගැති නිවටයන්ට හැර අන් අයට ඔබ සැබෑ වීරයෙක්මය ...! (ස)

:       0       0

අනුර Friday, 08 March 2013 04:00 PM

නිවන් සැප ලැබේවා...! (ස)

:       0       0

දුලිත ජයවීර Friday, 08 March 2013 04:20 PM

ඔබ කොන්ද කෙළින් තියාගෙන බටහිර නායකයන්ට ගැති නොවී සිටි ඔබ බොහොම එඩිතර නායකයෙක්. ඔබ සැබෑ වීරයෙක්. ඔබ වැනි නායකයෝ තවත් බිහි වේවා! ඔබට නිවන් සුව අත්වේවා! (ස)

:       0       0

අසාම් Saturday, 09 March 2013 07:01 AM

ආදර්ශවත් නායකයෙක්. (නි)

:       0       0

මහේෂ්වරන් Sunday, 10 March 2013 03:41 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේ හරියටම හරි. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 09 March 2013 08:06 AM

ඉතා හොද නායකයෙක්. (නි)

:       0       0

ධර්ම Sunday, 10 March 2013 03:29 PM

අගය කල යුතු නායකයෙක් (දී)

:       0       0

සුපුන් Friday, 08 March 2013 05:22 PM

රටේ තෙල් සම්පතින් ලැබෙන මුදල් රට වෙනුවෙන් පමණක් යෙදවූ ඔබට මාගේ උත්තමාචාරය! (නි)

:       0       0

පාර්වතී Friday, 08 March 2013 05:40 PM

ඔබ සැබෑම නායකයෙකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site