IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි.

ළැව් ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ සහ විලා ඇලෙමානා යන නගරවලට ළැව් ගිනි ව්‍යාප්ත වී ඇත. ළැව් ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 6,000 කට වැඩිය.

ළැව් ගිනි හේතුවෙන්, චිලී රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් පියවර ගෙන ඇත. ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඊයේ (4) විපතට පත් වුණු සහ නිවාස අහිමි වුණු නගර වැසියන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

රෝහල්වලට ගොස් ප්‍රතිකාර ලබන වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

ළැව් ගිනි පාලනයට, විපතට පත්වූවන්ට පිහිටවීමට සහ තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකි සෑම දෙයක්ම කරන්නැයි චිලී ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ළැව් ගිනිවලට හසුවීමෙන් සහ දුම් ආඝ්‍රාණය වීමෙන් රෝහල්ගත කළ පිරිස දහසකට වැඩිය.

චිලී රටේ වාර්තා වූ දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි. වියලි කාලගුණය සහ වියලි සුළං හේතුවෙන්, ළැව් ගිනි  පාලනය කර ගැනීමට ගිනි නිවන භටයන්ට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site