චිලී රාජ්‍යයේ සන්තියාගෝහි දෙවන දිනටත් පැවති විරෝධතා අතරතුර ඇතිවූ කලහකාරී ක්‍රියා හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ සුපිරි වෙළඳසැලක ඇතිවූ ගින්නකින් මොවුන් මියගොස් ඇති බවයි.
කලහකාරී ක්‍රියා කළ 300දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ 156දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් වේ. සාමාන්‍ය වැසියන් 11දෙනකු ද තුවාල ලබා ඇත.
නාගරික ගාස්තු අධික ලෙස ඉහළයෑම හේතුවෙන් විරෝධතා ආරම්භවූ අතර ජනපති සෙබස්තියන් පිනේරා මහතා ගාස්තු වැඩිකිරීම තහනම් කළද එම නිවේදනය නොසලකා විරෝධතා දිගින් දගටම පැවැත්විණ.
රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රාත්‍රී ඇඳිරි නීතිය ද පනවා ඇත.
විරෝධතාකරුවන් මැඩපැවැත්වීම සඳහා හමුදා කණ්ඩායම් හා යුධ ටැංකි ද යොදවා ඇති බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චිලී රාජ්‍යයේ විරෝධතා: තිදෙනෙක් මරුට