පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් බකිංහැම් මාලිගයේ දී සිදුවිය.
චාල්ස් රජු පිළිකා රෝගියකු වන නිවේදනය කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ චාල්ස් රජු අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
75 හැවිරිදි චාල්ස් රජු හමුවී සුවදුක් විමසා ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුනාක් කටයුතු කළේය. චාල්ස් රජු වෙනදා මෙන් විනෝදයෙන් සහ උද්යෝගයෙන් පසුවන බව අග්‍රාමාත්‍ය සුනාක් පසුව මාධ්‍ය හමුවේ පැවැසීය.
චාල්ස් රජු පිළිකා රෝගියකු බවත්, ඔහු කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වුණු බවත්, රාජකීය කටයුතුවලින් ඈත් වී සිටින බවත් බකිංහැම් මාලිගය නිවේදනය කළේ පසුගිය පෙබරවාරි 5 වැනිදාය.
තෙවැනි චාල්ස් රජු පිළිකා රෝගියකු බව හඳුනා ගැණුනේ, 96 හැවිරිදි, දෙවැනි එලිසබත් මහ රැජින 2022 සැප්තැම්බර් 8 වැනිදා අභාවප්‍රාප්ත වී, කිරුළ දරා, මාස 17 ක් ගත වෙද්දීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චාල්ස් රජුගේ සුවදුක් විමසයි