
දෙවැනි එලිසබත් මවු රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමිවුණු තෙවැනි චාල්ස් රජුගේ සම්ප්‍රදායික රාජාභිෂේක මංගල්‍යය හෙවත් මෞලි මංගල්‍යය ලබන 2023 වසරේ ජූනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.
ඒ අනුව, දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් දින දෙකකට පසු තෙවැනි චාල්ස් රජු කිරුළු පැලඳි නමුත්, තෙවැනි චාල්ස් රජු ලෙස ඔහුගේ පාලන කාලය ආරම්භ වනු ඇත්තේ 2023 වසරේ ජූනි මස 3 වැනිදා ය.
තෙවැනි චාල්ස් රජුගේ මෞලි මංගල්‍යය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, එය දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යය තරම් ගාම්භීර එකක් නොවනු ඇතැයි ද බි්‍රතාන්‍ය මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
තෙවැනි චාල්ස් රජු කිරුළු පලඳින්නේ අවුරුදු 74 දීය. ඒ අනුව, බි්‍රතාන්‍ය ඉතිහාසයේ රජ කිරුළ පළඳන වයස්ගතම රාජකීයයා ලෙස චාල්ස් රජු ඉතිහාසයට එක් වෙයි.
2023 වසරේ පැවැත්වෙන රාජාභිෂේක උත්සවයේදී චාල්ස් රජු ට පලඳවනු ලබනු ඇත්තේ ශාන්ත එඩ්වඩ් ඔටුන්න යැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චාල්ස් රජුගේ මෞලිමංගල්‍යය 2023 ජූනි මාසයේ
Bamunuarachchi Friday, 07 October 2022 07:07 AM
රජකම ලබන්න සුදුසු වයස... ලංකාවේ රජකම ඉල්ලන්නේ වැදි කොල්ලන්. සජබෙන් නායකයා වෙන්න හදන ගොයියාව දැක්කාම මතක් වෙන්නේ ග්ලැඩියේටර් චිත්‍රපටියේ ඉන්න රජාව...