IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චාල්ස් කුමරුන් ගැනත් පොලිස් පරීක්ෂණයක්

චාල්ස් කුමරුගේ සමීප හිතවතෙකු මෙන්ම ”කුමරුගේ පදනම” නම්  සුභසාධන පදනමේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂක මයිකල් ෆොසෙට් විසින්, සෞදි බිලියනපති මාෆොස් මරෙයි මුබාරක් බින් මාෆොස් හට බි‍්‍රතාන්‍යයේ නයිට් පදවිය සහ පුරවැසිභාවය ලබා දෙන බව පවසා පදනමට පවුම් දහස් ගණනක ආධාර ලබා ගැනීම පිළිබඳව බ‍්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

චාල්ස් කුමරුගෙන්ද මේ පිළිබඳ ප‍්‍රශ්න කිරීමට සිදු විය හැකි යැයි මෙට්‍රොපොලිස් පොලිසිය පවසයි. 73 හැවිරිදි චාල්ස් කුමරු පොලිසියට ප‍්‍රකාශයක් දීමට සුදානම් බව ඔහු පවසයි.

මෙට්‍රොපොලිස් පොලිසියේ මෙම පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සහ රාජාණ්ඩු විරෝධී කණ්ඩායමක් විසින් මෙට්‍රොපොලිස් පොලිසියට චාල්ස් කුමරු සහ මයිකල් ෆොසෙට් ගේ නම් ඈදා ගනිමින් පොලිසිය වෙත යවනු ලැබූ ලියුම් දෙකක් හේතුවෙනි.

ක්ලැරන්ස් හවුස් මෙම ගෞරව නාම ලබා දීම සඳහා මුදල් ලබාගැනීමේ සිද්ධිය  පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ චාල්ස් කුමරු මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවය.

1925 ගෞරව නම්බු නාම ප‍්‍රධානය කිරීමේ පනත ප‍්‍රකාරව චාල්ස් කුමරු සහ මයිකල් ෆොසෙට් වරදක් කර ඇති නිසා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ලියුම් දෙකේ සඳහන් කර ඇත.

මුදලට ගෞරව නම්බු නාම ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව මෙට්‍රොපොලිස් පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තම පදනමට සිදු කල ආධාරයක් චාල්ස් කුමරු නොදැන සිටින්නේ කෙසේද යන්නයි. නමුත් රාජකීයන් එකහෙළා ප‍්‍රකාශ කෙරුවේ චාල්ස් කුමරු මේ පිලිබඳ කිසිම නොදන්නා බවයි.

විමුක්ති එස් රුද්‍රිගු
රොයිටර්ස්



අදහස් (0)

චාල්ස් කුමරුන් ගැනත් පොලිස් පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site