බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන්ගේ පුණ්‍යාධාර අරමුදලට, අල් කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩන්ගේ ඥාති සහෝදරයන් දෙදෙනකුගෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියනයක මුදල් ආධාර ලැබී ඇති බව බ්‍රිතාන්‍යයේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත අනාවරණය කර තිබේ.
බින් ලාඩන්ගේ ඥාති සොයුරන්ගෙන් චාල්ස් කුමරුන්ගේ අරමුදලට මෙසේ මුදල් ලැබී ඇත්තේ බින් ලාඩන් මිය ගොස් වසර දෙකකට පසු 2013 වසරේ දී යැයි ද පැවැසෙයි.
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමීම සිදුවූයේ 2011 වසරේදීය. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් විය. බින් ලාඩන් මරා දැම්මේ ඇමෙරිකන් බුද්ධි අංශ සහ ඇමෙරිකන් නේවි සීල් භටයන්ය.
මෙම මුදල ලබා ගැනීමේදී චාල්ස් කුමරුගේ පුණ්‍යාධාර අරමුදල නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බවත් අරමුදලට මුදල් භාරගැනීමේ වගකීම පැවරී ඇත්තේ අරමුදලේ භාරකරුවන්ට බවත් චාල්ස් කුමරුන් වෙනුවෙන් ඔහුගේ නිවහන වන ක්ලැරන්ස් හවුස් මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චාල්ස් කුමරුන්ට පවුම් මිලියනයක මුදල්
fairoos Monday, 01 August 2022 08:18 PM
වැරැදිලාවත් ලංකාවට එහෙම ලැබිලා තිබුණොත් ඥාණසාර හාමුදුරුවෝ රටම පතුරු ගහයි.